Connect with us

International

ශ්‍රී ලංකාව සෞභාග්‍යය කරා ගෙන යාමට ජනපති රනිල්ට හැකියි – ඊජිප්තු ජනපති කියයි.

Published

on

ශ්‍රී ලංකාව ප්‍රගතිය සහ සෞභාග්‍යය කරා ගෙන යාමට රනිල් වික්‍රමසිංහ මහතා හට හැකියාව ඇති බවට ඊජිප්තු ජනපති අබ්දෙල් ෆටා අල් සිසි (Abdel Fattah Al Sisi)ගෙන් සහතිකයක් ලැබී තිබෙනවා. නව ජනාධිපතිවරයා ලෙස පත් වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හට සුබ පැතුම් පණිවිඩයක් නිකුත් කරමින් ඊජිප්තු ජනාධිපතිවරයා පවසන්නේ, ශ්‍රී ලංකාව ගොඩ නැගීමට රනිල් වික්‍රමසිංහ හට හැකියාවක් පවතින බව එරට රජය විශ්වාස කරන බවයි. ශ්‍රී ලාංකික ජනයාගේ බලාපොරොත්තු ඉටු කිරීමට රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා විසින් ගනු ලබන සියලුම තීන්දු තීරණ සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා යැයි ද ඊජිප්තු ජනාධිපතිවරයා ප්‍රකාශ කරනවා.
දෙරටේ පොදු අවශ්‍යතා ඉදිරියට ගෙන යාමට සහ දෙරටේ මිත්‍රශීලී ජනතාවට වඩාත් සමෘද්ධිමත් අනාගතයක් සහතික කිරීම සඳහා රටවල් දෙක අතර ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමට තමා උනන්දුවෙන් පසුවන බව ද ඊජිප්තු ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කරනවා.