Connect with us

International

ශ්‍රී ලංකා ණය ප්‍රතිව්‍යුහගතකරණයේ දී චීනය විශේෂ සැලකිලි අපේක්ෂා කරනවා – ඉන්දීය මාධ්‍ය ලංකාවට අනතුරු අඟවයි.

Published

on

ඩොලර් බිලියන 14ක විශාලතම පංගුව හිමි බටහිර ස්වෛරී බැඳුම්කර හිමියන්ගේ සිට චීනය, ජපානය සහ ඉන්දියාව වැනි ද්විපාර්ශ්වික රටවල් දක්වා විහිදෙන අතර ආසියානු සංවර්ධන බැංකුව සහ ලෝක බැංකුව වැනි බහුපාර්ශ්වික ආයතන ද ශ්‍රී ලංකාවේ ණය හිමියන්ගේ ලැයිස්තුවට ඇතුළත්ය. ඉතිහාසයේ පළමුවරට ශ්‍රී ලංකාව 2022 වසරේ දී ගෙවිය යුතු ඩොලර් බිලියන 6.9ක ණය සේවාකරණය විදේශ සංචිත හිඟය හේතුවෙන් පැහැර හැර තිබෙනවා. ශ්‍රී ලංකාව ගෙවීමට ඇති මුළු ණය ප්‍රමාණය ඩොලර් බිලියන 51ක් තරම් විශාල වෙද්දී 2001 සිට 2021 දක්වා චීනය ශ්‍රී ලංකාවට ලබා දුන් ණය ප්‍රමාණය ඩොලර් බිලියන 9.95කට ආසන්න බව ඇතැම් ස්වාධීන ආර්ථික විද්‍යාඥයන් ඇස්තමේන්තු කරනවා. ශ්‍රී ලංකාවට මේ වසරේ ආපසු ගෙවීම සඳහා ඩොලර් බිලියන 7කට ආසන්න විදේශ ණය ප්‍රමාණයක් ඇති අතර, ඉදිරි වසර පහ තුළ ඩොලර් බිලියන 25ක් ණය ආපසු ගෙවීමට අවශ්‍ය වනු ඇත. නමුත් එම ණය ආපසු ගෙවීමේ තිරසාර මාර්ග සිතියමක් තවමත් සකස්කර ගැනීමට ශ්‍රී ලංකාව අපොහොසත් වී ඇති අතර, දිනෙන් දින ආර්ථික අර්බුදයේ පතුළට ම ගමන් කරමින් සිටිනවා. එවැනි පසුබිමක ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ දී චීනය ස්වාර්ථයන් සපුරාලන ආකාරයේ විශේෂ සැලකිල්ලක් බලාපොරොත්තු විය හැකි බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා. ANI ප්‍රවෘත්ති සේවය වාර්තා කළේ, ශ්‍රී ලංකාව මෙවැනි උත්සාහයන් කවර ආකාරයකින් හෝ වලක්වාගත යුතු බවයි.