Connect with us

International

පාකිස්ථාන ජනපතිගෙන් ජනපතිවරයාට සුබ පැතුම්.

Published

on

මෙරට අට වැනි ජනාධිපතිවරයා ලෙස තේරී පත් වූ රනිල් වික්‍රමසිංහ මහතාට පාකිස්ථාන ජනාධිපති ආචාර්ය අරීෆ් අල්වී විසින් සිය උණුසුම් සුබපැතුම් එක් කර තිබෙනවා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත අද (01) විශේෂ සුබපැතුම් පණිවිඩයක් නිකුත් කරමින් පාකිස්ථාන ජනාධිපතිතුමා සඳහන් කර ඇත්තේ දෙරට අතර පවතින සබඳතා දෙරටේ ම අභිවෘද්ධිය උදෙසා තවදුරටත් ශක්තිමත් කර ගැනීම සිය අපේක්ෂාව බවයි. එසේම ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ නායකත්වය යටතේ ශ්‍රී ලංකාවේ පවතින ආර්ථික අභියෝග ජය ගනු ඇති බව සඳහන් කරන පාකිස්තාන ජනාධිපතිවරයා වැඩි දුරටත් කියා සිටින්නේ, ඉදිරියේ දීත් ශ්‍රී ලංකාව සහ පාකිස්ථානය අතර සියලු
ක්ෂේත්‍රවල සහයෝගීතාව වර්ධනය කර ගනිමින් ඉතා සමීපව කටයුතු කරන බව‍යි.