Connect with us

International

නරේන්ද්‍ර මෝදි ඉන්දීය අග්‍රාමාත්‍ය ධුරයේ දිවුරුම් දෙයි.

Published

on

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අද අඛණ්ඩව 3 වන වරටත් ඉන්දියාවේ අග්‍රාමාත්‍ය ධුරයේ දිවුරුම් දුන්නා. ඒ පසුගියදා පැවති මහමැතිවරණයෙන් ඔහුගේ සන්ධානය ආසන 293ක් ජයගනිමින් මහමැතිවරණය ජයගැනීමත් සමගයි. ඉන්දියාවෙන් පළමු අග්‍රාමාත්‍යවරයා වන ජවහල්ලාල් නේරුගෙන් පසු අඛණ්ඩව තුන්වරක් අග්‍රාමාත්‍ය ධුරය පත්වූ පළමු පුද්ගලයා වන්නේද ඔහුයි. ඔහු දිවුරුම් දීමේ අවස්ථාවට ජනපති රනිල් වික්‍රමසිංහ ඇතුළු රාජ්‍ය නායකයන් රැසක් එක්ව සිටියා.