International
ට්රෑම් රථයක් වෙලෙඳසැලකට කඩා වදී
නෝර්වීජියානු අගනුවර ඔස්ලෝ මධ්‍යයේ පිහිටි සිව්මහල් ගොඩනැගිල්ලක බිම් මහලේ ඇති පරිගණක වෙළඳසැලකට ට්රෑම් රථයක් කඩා වැදී තිබෙනවා.
අනතුරින් ට්රෑම් රථයේ රියදුරු ඇතුලු තවත් පුද්ගලයින් තිදෙනෙකු තුවාල ලබා ඇති බවයි නෝර්වීජියානු පොලීසිය පවසන්නේ.
හදිසි සේවා මගින් තුවාල ලැබූවන්ට එම ස්ථානයේදීම ප්‍රතිකාර කළ නමුත් කිසිවකුට බරපතළ තුවාල සිදුවී නොමැති බව සඳහන්.
මෙම අනතුර සිදුවන අවස්ථාවේ ට්රෑම් රථයේ මගීන් 20ක් පමණ සිට තිබෙනවා.