International
යුරෝපා රටවල ශ්‍රී ලංකා තානාපතිවරු ජනපති හමුවෙයි.
යුරෝපා සංගමයේ රටවල මෙරට තානාපතිවරුන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ හමු වී තිබෙනවා.
ඊයේ ජනාධිපති කාර්යාලයේ පැවැති හමුවේදී ඔවුන් ජනාධිපතිවරයාට සදහන් කළ ඇත්තේ අභියෝගාත්මක කාලයේදී ශ්‍රී ලංකාවට යුරෝපා සංගමයේ සහය ලබා දෙන බවයි. එහෙත් මානව හිමිකම්, නිදහසේ අදහස් පළ කිරීමේ අයිතිය, සිවිල් අයිතිවාසිකම් ඇතුළු කරුණු සුරැකිය යුතු බව ඔවුන් අවධාරණය කර තිබෙනවා.
එමෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ජී.එස්.පී. සහන මෙන්ම මානව හිමිකම් කවුන්සලය පිළිබදවද මෙහිදී විශේෂ අවධානය යොමු වුණා.
