Connect with us

International

ශ්‍රී ලංකා විදේශ ඇමති චීන සහ ජපාන විදේශ ඇමතිවරුන් හමු වෙයි.

Published

on

විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්‍රි මහතා, චීන සහ ජපාන විදේශ කටයුතු අමාත්‍යවරුන් හමුවී තිබෙනවා.
ඒ, කාම්බෝජයේ පැවැත්වෙන ආසියාන් කලාපීය සංසදයට සමගාමීවයි. විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්‍රි සහ චීන විදේශ කටයුතු අමාත්‍ය වෑන්ග් යී යන මහත්වරුන් අතර සාකච්ඡාවේදී ප්‍රමුඛ අවධානයක් යොමුව ඇත්තේ මෙරට ආර්ථික තත්ත්වය සම්බන්ධයෙනුයි. මෙරට ණය අර්බුදයෙන් ගොඩ ඒම සඳහා සහය වන බවයි එහිදී චීන විදේශ අමාත්‍යවරයා පවසා ඇත්තේ. මේ අතර, ජපාන විදේශ කටයුතු අමාත්‍ය යොෂිමාසා හයාෂි මහතා සහ අලි සබ්‍රි මහතා අතර හමුවක් ද ආසියානු කලාපීය සංසදයට සමගාමීව පැවැත්වුණා. එහි දී ජපාන විදේශ කටයුතු අමාත්‍ය පවසා ඇත්තේ වසර 70ක කාලයක සිට පවතින ශ්‍රී ලංකා – ජපාන මිත්‍රත්වය තවදුරටත් තහවුරු කිරිමට අවශ්‍ය පියවර ගන්නා බවයි. ආර්ථික අර්බුදයෙන් මුදාගෙන නැවතත් යථා තත්ත්වයට පැමිණීම සඳහා ශ්‍රී ලංකාවට අවශ්‍ය සහය ලබාදෙන බවද හයාෂි යොෂිමායා මහතා පවසා තිබෙනවා. ජපානය විසින් ශ්‍රී ලංකාවට සපයන ආහාර සහ ඖෂධ ඇතුළු මානුෂීය ආධාර අඛණ්ඩව ලබා දෙන බවද ජපාන විදේශ අමාත්‍යවරයා ප්‍රකාශ කළා. ඔහු පවසා ඇත්තේ, ඝාතනයට ලක්වූ ජපාන හිටපු අග්‍රාමාත්‍ය ෂිංශෝ අබේ මහතා වෙනුවෙන් ශ්‍රී ලංකාව ශෝකය පළකිරිම
සම්බන්ධයෙන් ද කෘතවේදී වන බවයි.

Continue Reading