Connect with us

International

ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් මහා තරගය සඳහා වන ඔස්ට්‍රේලියා සංචිතය නම් කෙරේ.

Published

on

ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් මහා තරගය සහ අළු බඳුන ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය සඳහා වන ටෙස්ට් සංචිතය ඔස්ට්‍රේලියාව විසින් නම් කර තිබෙනවා. නමුත් ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් මහා තරගය වන සිය ටෙස්ට් සංචිතය ඉන්දියාව විසින් මෙතෙක් නම් කර නැත. ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් මහා තරගය ජුනි 7 වනදා ආරම්භ වීමට නියමිත අතර අළු බඳුන ටෙස්ට් තරගාවලිය ජුනි 16 වනදා ආරම්භ වීමට නියමිතයි. ඒ අනුව ඔස්ට්‍රේලියාව 17 දෙනෙකුගෙන් සමන්විත සංචිතයක් ඒ සඳහා නම් කර තිබෙනවා. එහිදී කණ්ඩායමේ නායකත්වය Pat Cumminsට හිමිව ඇති අතර උපනායකත්වය හිමිව ඇත්තේ Steve Smith හටයි. අළු බඳුන ටෙස්ට් තරගාවලියෙන් පසු ටෙස්ට් පිටියෙන් විශ්‍රාම ගැනීමට නියමිත ඔස්ට්‍රේලියානු සුපිරි ආරම්භක පිතිකරුවෙකු වන ඩේවිඩ් වෝනර් ද මෙම සංචිතයට නම් කර තිබෙනවා. එම ටෙස්ට් සංචිතය පහතින්,

Pat Cummins (Captain)
Steve Smith (Vice-Captain)
David Warner
Cameron Green
Marcus Harris
Josh Hazlewood
Travis Head
Josh Inglish
Usman Khawaja
Marnus Labuschagne
Nathan Lyon
Mitchell Marsh
Todd Murphy
Matthew Renshaw
Scott Bolland
Mitchell Starc
Alex Carey