Connect with us

International

රුසියාවේ පුටින්ට යුක්‍රේනයෙන් දුන් උපන්දින තෑග්ග

Published

on

රුසියාවේ ප්‍රධාන ජාතික රූපවාහිනී මධ්‍යස්ථාන හිමි සහ රුසියානු රාජ්‍ය මාධ්‍ය සමාගමක් වන VGTRK වෙත දැවැන්ත සයිබර් ප්‍රහාරයක් එල්ලව තිබෙනවා.

ඒ රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් ගේ උපන් දිනය සමග වීම විශේෂත්වයක්.

යුක්‍රේන රජයේ මූලාශ්‍රයක් පවසා ඇත්තේ, කියෙව් හැකර්වරුන් විසින් මෙය කර කර ඇති බවයි.

මෙම සයිබර් ප්‍රහාරය නිසා සමස්ත රුසියානු රාජ්‍ය රූපවාහිනී සහ ගුවන්විදුලි විකාශන සමාගම වන VGTRK හි වෙබ් අඩවි වෙත පිවිසිය නොහැකි තත්ත්වයක් ඇතිවී, පැය 24 පුවත් නාලිකාවවන Rossiya-24 හි සේවාව ද මර්ගගතව ලබා ගත නොහැකිව තිබෙනවා.

ක්‍රෙම්ලිනය සයිබර් ප්‍රහාරය ‘පෙර නොවූ විරූ’ ලෙස හඳුන්වා ඇති අතර, ක්‍රෙම්ලිනයේ ප්‍රකාශක දිමිත්‍රි පෙස්කොව් වාර්තාකරුවන්ට පවසා ඇත්තේ, විශේෂඥයින් සියලු තත්වයන් සොයා ගැනීමට කටයුතු කරමින් සිටින බවයි.

Continue Reading
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *