Connect with us

International

රාහුල් ගාන්ධිට වසර 2ක සිර දඬුවමක්.

Published

on

සාපරාධී අපහාස නඩුවක් සම්බන්ධයෙන් ඉන්දී​ය කොංග්‍රස් නායක රාහුල් ගාන්ධිට ගුජරාට් ප්‍රාන්තයේ අධිකරණයක් විසින් වසර දෙකක සිර දඬුවමක් නියම කර තිබෙනවා. 2019 වසරේදී මැතිවරණ රැලියක් අතරතුර අගමැති නරේන්ද්‍ර මෝදිගේ වාසගම පිළිබඳව සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් ගාන්ධි වරදකරු බවට තීන්දු කර ඇති බවයි සඳහන් වන්නේ. කෙසේ වෙතත්, ඔහුට ඇප නියම වී ඇති අතර තීන්දුවට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කිරීමට ඉඩ දීම සඳහා ඔහුගේ සිර දඬුවම දින 30කට අත්හිටුවා ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ. භාරතීය ජනතා පක්ෂ මන්ත්‍රී සහ හිටපු ගුජරාට් අමාත්‍ය පූර්ණේෂ් මෝඩි විසින් රාහුල් ගාන්ධිට එරෙහිව මෙම නඩුව ගොනුකර ඇති බවයි සඳහන් වන්නේ.