Connect with us

International

මිනිස් සිරුරට මාරාන්තික නව බැක්ටීරියාවක් බ්‍රිතාන්‍යයෙන් සොයාගනී.

Published

on

මිනිස් සිරුරට මාරාන්තික නව බැක්ටීරියාවක් බ්‍රිතාන්‍ය පර්යේෂක කණ්ඩායමක් විසින් සොයාගෙන තිබෙනවා. ලෙජියොනෙල්ලා ලෙස නම් කර තිබෙන මෙම බැක්ටීරියා විශේෂය පොකුණු සහ ගංගා ආශ්‍රිතව වර්ධනය වන බවටයි සඳහන් වන්නේ. මෙම බැක්ටීරියා විශේෂය අඩංගු කුඩා ජල බිඳිති මිනිසුන් විසින් ආශ්වාස කරන්නේ නම්, ඔවුන්ට දරුණු නියුමෝනියා තත්ත්වයක් ඇතිවන බව පර්යේෂණ වාර්තාවේ දැක්වෙනවා. මේ සඳහා ප්‍රතිජීවක මගින් ප්‍රතිකාර කළ හැකි වුවද, පෙනහළු අකර්මණ්‍ය වීම සහ මරණය පවා සිදු විය හැකි බව පර්යේෂකයන් විසින් පෙන්වා දෙනවා.

Continue Reading