Connect with us

International

පුටින් ඝාතන තැතකට ලක්වෙයි.

Published

on

රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් ඝාතනය කිරීමේ උත්සාහයක් පිළිබඳව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. කෙසේ වෙතත් අදාළ සිදුවීම පිළිබඳව වාර්තා කර ඇති නාලිකා සඳහන් කර ඇත්තේ අදාළ සිදුවීම පසුගිය සතියේදී සිදුව ඇති බවය. එහෙත් එම අවස්ථාවේ දී ආරක්ෂක අංශ විසින් කළ උපායමාර්ගික සැලැස්මකින් ජනාධිපතිවරයාට හානියක් සිදු නොවී බේරාගැනීමට හැකිව ඇති බවද එම වාර්තා පෙන්වා දෙයි. මෙය සිදුවූ ස්ථානය හෝ වේලාව පිළිබඳව නිශ්චිත අනාවරණයක් මේ වනතෙක් සිදුව නොමැත. මේ අතර අදාළ සිදුවීමට අදාළව ආරක්ෂක අංශ විසින් මේ වනවිට පුද්ගලයින් කිහිපදෙනෙකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇත. කෙසේ වෙතත් රුසියාව විසින් යුක්‍රේනය ආක්‍රමණය කිරීම ආරම්භ කිරීමත් සමඟ විවිධ අවස්ථාවලදී පුටින්ගේ සෞඛ්‍ය තත්ත්වය සහ ආරක්ෂාව පිළිබඳව විවිධ ප්‍රචාරයන් පැතිර යමින් තිබීම ද විශේෂත්වයකි. එසේ වුවද 2017 වසරේ දී රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් සිදුකළ ප්‍රසිද්ධ ප්‍රකාශයක සටහන්ව ඇත්තේ තමන් ඝාතන උත්සාහයන් 05කින් දිවි බේරා ගැනීමට සමත් වූ බවය.