Connect with us

International

නිව්යෝක්හි දී ප්‍රහාරයකට ලක්වූ සල්මන් රුෂ්ඩිට බරපතළයි.

Published

on

ඇමරිකාවේ නිව්යෝක් හිදී තියුණු ආයුධ ප්‍රහාරයකට ලක්වූ මහා ගත් ගතුවරයෙකු වන සල්මන් රුෂ්ඩිගේ තත්වය බරපතළ බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා. පෙන්සිල්වේනියාවේ රෝහලක ඇතුළත් කර ඇති ඔහු, කෘත්‍රිම ස්වසන යන්ත්‍රයකට සවිකර ඇති අතර, ප්‍රහාරයෙන් එක් ඇසකට සම්පූර්ණයෙන් හානි සිදුව ඇති බවද සඳහන්.
ප්‍රහාරය එල්ල කළ පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු 24 හැවිරිදි වියේ පසුවන හදී මාතාර් නම් පුද්ගලයෙක්. සල්මන් රුෂ්ඩි උත්සවයක් අමතමින් සිටින අවස්ථාවේදී කිසියම් පුද්ගලයෙකු විසින් ඔහු සිටි වේදිකාවට ගොඩ වී තියුණු ආයුධයකින් තිබුණා. 75 හැවිරිදි වියේ පසුවන සල්මන් රුෂ්ඩි රචනා කළ කෘතියක් හේතුවෙන් ඉස්ලාම් සටන්කාමීන්ගෙන් ඔහුට නිරන්තරයෙන් ජීවිත තර්ජන එල්ලවී තිබූ බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.