Connect with us

International

ජාත්‍යන්තර ද්‍රවිඩ සංවිධාන හයක තහනම ඉවතට.

Published

on

එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩල සම්මුති යටතේ අසාදු ලේඛන ගත කර ඇති සංවිධාන අතරින් ජාත්‍යන්තර දෙමළ සංවිධාන 06ක තහනම ඉවත් කිරීමට ශ්‍රී ලංකා රජය පියවර ගෙන තිබෙනවා. ඒ, අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින්. කෙසේ වෙතත් L.T.T.E සංවිධානය සඳහා නිකුත් කළ තහනම ඉවත් කර නැහැ.
ශ්‍රී ලංකාව විසින් අසාදු ලේඛනයෙන් ඉවත් කර ඇති සංවිධාන වන්නේ ඔස්ට්‍රේලියානු දෙමළ කොංග්‍රසය හෙවත් A.T.C, ගෝලීය දෙමළ සංසදය හෙවත් GTF, ලෝක ද්‍රවිඩ සම්බන්ධීකරණ කමිටුව හෙවත් W.T.C.C., ද්‍රවිඩ ඊලාම් ජනතා සම්මේලනය හෙවත් T.E.P.A., කැනේඩියානු දමිළ කොංග්‍රසය හෙවත් C.T.C. සහ බ්‍රිතාන්‍ය දමිළ සංසදය හෙවත් B.T.F. යන සංවිධානයි.

Continue Reading