International
ගෝලීය බෞද්ධ සමුළුව අද නවදිල්ලියේදී ඇරඹෙයි.
රටවල් 30ක බෞද්ධ භික්ෂූන් වහන්සේලා සහ විද්වතුන්ගේ සහභාගීත්වයෙන් ගෝලීය බෞද්ධ සමුළුව අද ඉන්දියාවේ නවදිල්ලි නුවරදී ආරම්භ වුණා. ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ප්‍රධානත්වයෙන් දින දෙකක් පුරා මෙම සමුළුව පැවැත්වෙනවා. ඉන්දීය සංස්කෘතික අමාත්‍යාංශය සහ ජාත්‍යන්තර බෞද්ධ සම්මේලනය එක්වයි මෙම සමුළුව සංවිධාන කර ඇත්තේ. මෙම සමුළුව සඳහා ශ්‍රී ලංකාව, වියට්නාමය, ඇමරිකාව, ලාඕසය සහ බ්‍රසීලය ඇතුළු රටවල රැසක නියෝජිතයින් 171 දෙනෙකු සහභාගී වනවා.