Connect with us

International

ක්‍රිමියාවේ බෝම්බ පිපිරෙයි.

Published

on

රුසියාව අල්ලා ගනු ලැබූ ක්‍රිමියා ප්‍රදේශයේ නැවත පිපිරීමක් සිදු ව තිබෙනවා. මෙම ප්‍රහාරය එල්ල වී ඇත්තේ ද ක්‍රිමියාවේ රුසියානු හමුදා කදවුරක අවි ගබඩාවක යි. මීට සතියකට පමණ පෙර ද ක්‍රයිමියාවේ හමුදා කදවුරක පතොරොම් ගබඩා කර තිබූ ස්ථානයක පිපිරීම් මාලාවක් සිදු වුණා. රුසියාව චෝදනා කළේ, මෙය යුක්රේනයේ ක්‍රියාවක් බවට යි. කෙසේවෙතත් උතුරු ක්‍රිමියාවේ සිදු වූ මෙම පිපිරීමෙන් බරපතළ ජීවිත හානි කිසිවක් සිදු ව නොමැති අතර, එම ප්‍රදේශය අවට ජීවත් වන පුද්ගලයන් 2000ක් පමණ ඉන් ඉවත් කර තිබෙනවා.