Connect with us

International

ඉම්රාන් ඛාන්ට වසර 3ක සිර දඬුවම්.

Published

on

දුෂණ චෝදනාවකට අදාළව පාකිස්තාන හිටපු අගමැති ඉම්රාන් ඛාන් හට ඉස්ලාමාබාද් අධිකරණය විසින් වසර 03ක සිර දඩුවමක් නියම කර තිබෙනවා. අධිකරණ නියෝගයට අනුව ඔහුට සක්‍රීය දේශපාලනයේ නිරත වීම වසර 05කට අත්හිටුවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඉම්රාන් ඛාන් අග්‍රාමාත්‍ය ධුරයේ කටයුතු කළ සමයේ, විදෙස් රටවල නියෝජිතයන්ගෙන් ලද වටිනා ත්‍යාග නීති විරෝධීව අලෙවි කළ බවට වූ චෝදනාවකට අදාළව මෙම දඩුවම නියම වී තිබූ අතර ඔහු විසින් එම චෝදනා මීට පෙර ප්‍රතික්ෂේප කර තිබුණා. මෙම අධිකරණ නියෝගයට එරෙහිවද ඉම්රාන් ඛාන් අභියාචනයක් ඉදිරිපත් කිරීමට සැලසුම් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.