Connect with us

International

ඉම්රාන් ඛාන්ගේ නිවසට පොලීසිය බලහත්කාරයෙන් ඇතුළු වෙයි.

Published

on

පාකිස්ථානයේ පන්ජාබ් පොලීසිය විසින් හිටපු අගමැති ඉම්රාන් ඛාන්ගේ සමන් පාර්ක්හි නිවසේ දොරගුලු කඩා බලහත්කාරයෙන් ඊට ඇතුළු වී ඇති බවට වාර්තා වනවා. හිටපු අග්‍රාමාත්‍යවරයා ඉස්ලාමාබාද් අධිකරණයට ගමන් කරමින් සිටින අතරතුරයි පොලීසිය එලෙස ඔහුගේ නිවසට ඇතුළු වී ඇත්තේ. එම අවස්ථාවේ ඉම්රාන් ඛාන්ගේ බිරිඳ වන බුෂ්රා බෙගම් නිවසේ සිට තිබෙනවා. මේ පිළිබඳ පාකිස්ථානයේ හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් සිය ට්විටර් ගිණුමේ සටහනක් පළ කර ඇති අතර ඔහු එමගින් ප්‍රශ්න කර ඇත්තේ තම බිරිඳ නිවසේ තනිව සිටියදී දොරගුලු කඩා නිවසට ඇතුළු වීමට ඔවුන්ට ඇති නෛතික හිමිකම කුමක් ද යන්නයි.