International
ඉන්ධන ප්‍රවාහන නෞකාවක් මුහුදුබත් වෙයි
කර්මාන්ත සඳහා යොදාගන්නා ඉන්ධන ලීටර් මිලියන 1.5ක් ප්‍රවාහනය කරමින් තිබූ නෞකාවක් පිලිපීනය ආසන්න මුහුදේ ගිලී ගොස් තිබේ.
ඒ හේතුවෙන් අවට මුහුදු කලාපයේ, විශාල තෙල් පැල්ලම් දක්නට ලැබෙන බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.
එම නෞකාවේ සිටි කාර්ය මණ්ඩලයේ 17 දෙනාගෙන් 16 දෙනෙකුව නිරුපද්‍රිතව බේරාගැනීමට සහන කණ්ඩායම් සමත්ව තිබේ.