International
IPL දෙවන තරගයෙන් Punjab Kings පිලට ලකුණු 7ක තියුණු ජයක් – භානුක රාජපක්ෂගෙන් අර්ධ ශතකයක්.
ඉන්දීය ප්රිමියර් ලීග් ක්රිකට් තරගාවලියේ 2023 වසර සඳහා වන සංස්කරණය අති උත්කර්ෂවත් අයුරින් ඊයේ ආරම්භ වූවා. මේ අතර භානුක රාජපක්ෂගේ විශිෂ්ට පිතිකරණයත් Arshdeep Singhගේ විශිෂ්ට පන්දු යැවීමත් හේතුවෙන් මෙවර IPL තරඟාවලිය ජයග්රාහිව ඇරඹීමට Punjab Kings කණ්ඩායම අද සමත් වුණා. ඒ Kolkata
Night Riders කණ්ඩායම් සමග පැවති තරගයෙන් ඩක්වත් ලුවිස් නයායට අනුව ලකුණු 7ක තියුණු ජයක් ලබා ගනිමිනි. කාසියේ වාසිය දිනාගත් Kolkata Night Riders නායක Nitish Rana ප්රථමයෙන් පන්දුවට පහර දීම සඳහා Punjab Kings කණ්ඩායමට ආරාධනා කර සිටියා. ඒ අනුව පළමුවෙන් පන්දුවට පහර දුන් Punjab Kings කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුළු 5ක් දැවී ලකුණු 191ක් රැස්කිරීමට සමත් වුණා. Punjab Kings වෙනුවෙන් විශිෂ්ට ඉනිමක් දියත් කළ ශ්රී ලංකා ප්රහාරාත්මක පිතිකරු භානුක රාජපක්ෂ සිය මංගල IPL අර්ධ ශතකය ලබා ගනිමින් පන්දු 32කදී ලකුණු 50ක් වාර්තා කිරීමට සමත් වුණා. Shikhar Dhawan ලකුණු 40ක් රැස් කළ අතර Sam Curran ලකුණු 26ක් රැස්කිරීමට සමත් වුණා. පන්දු යැවීමේදී Tim Southee කඩුලු 2ක් දවාගත්තත් එහිදී ඔහුගෙන් ලකුණු 54ක් උදුරා ගැනීමට Punjab පිතිකරුවෝ සමත් වුණා. ඒ අනුව ලකුණු 192ක ජයග්රාහි ඉලක්කයක් හඹා යාම සඳහා පිටියට පිවිසි Kolkata Night Riders පිතිකරුවන් පන්දුවාර 16ක් අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 146ක් රැස් කරගෙන සිටියදී තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වුණා. ඒ හේතුවෙන් ලකුණු 7ක තියුණු ජයක් භානුක රාජපක්ෂ ප්රමුඛ Punjab Kings කණ්ඩායම ඩක්වත්
ලුවිස් නයායට අනුව ලකුණු 7ක තියුණු ජයක් හිමි කරගත්තා. Kolkata Night Riders ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූ Andre Russell පන්දු 19ක් තුළ වේගවත් ලකුණු 35ක් සහ Venkatesh Iyer ලකුණු 34ක් රැස් කළා. පන්දු යැවීමේදී Arshdeep Singh ලකුණු 19කට කඩුලු 3ක් බිඳ හෙළුවා.