Connect with us

International

Internet Slow වීමට හේතුව පරිශීලකයින්ගේ VPN භාවිතය නිසා

Published

on

පකිස්තානය පුරා සති ගණනාවක් තිස්සේ අන්තර්ජාල පහසුකම් මන්දගාමී වී තිබෙනවා.

චීනයේ ක්‍රියාත්මක අකාරයට අන්තර්ජාල ක්‍රියාකාරකම්වලට රාජ්‍ය මැදිහත්වීම උත්සන්න කිරීමට පකිස්තාන රජය කටයුතු කරන බවටත් පසුගිය කාලය පුරා කට කතා පැතිරෙනවා.

එම නිසා මේ ආකාරයට අන්තර්ජාල සබඳතා මන්දගාමී කර ඇති බවටයි ජනතාව චෝදනා කරන්නේ.

නමුත් ජනතාව විසින් ආරක්ෂිත සම්බන්ධතා හෝ VPN (අථත්‍ය පුද්ගලික ජාල) පුළුල් ලෙස භාවිතයට ගැනීම නිසා මේ තත්ත්වය ඇතිව තිබෙන බවට නිලධාරීන් චෝදනා කරනවා.

ජන ආතතීන් මධ්‍යයේ අන්තර්ජාලය වසා දැමීම පාකිස්තානයේ සහ ආසියාවේ අනෙකුත් රටවල නියාමකයන්ගේ පුරුද්දක්.

මේ අතර පසුගිය වසරේ හිටපු අගමැති ඉම්රාන් ඛාන් මූලික කර ගත් කැරලි කෝලාහලයෙන් පසු පැවති රජය ජනතාවට ඩිජිටල් අවකාශයට පැමිණ අදහස් දැක්විය හැකි සමාජ මාධ්‍ය වේදිකා අවහිර කර සම්බන්ධතා වේගය අඩාල කර තිබුණා.

Continue Reading