Connect with us

International

IMF කළමනාකාර අධ්‍යක්ෂවරියගෙන් ශ්‍රී ලංකාව ගැන ප්‍රකාශයක්.

Published

on

ඩොලර් බිලියන 2.9 ක විස්තීරණ ණය පහසුකමක් සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ශ්‍රී ලංකාව අතර කාර්ය මණ්ඩල එකඟතාවකට එළැඹීම සම්බන්ධයෙන් තමන් ඉමහත් ප්‍රසාදයට පත්වන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ක්‍රිස්ටලීනා ජෝජීවා මහත්මිය පවසනවා. මෙය ශ්‍රී ලංකාවට ඉදිරියට ගමන් කිරීම සඳහා ඉතා වැදගත් පියවරක් බවයි ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ඇය සඳහන් කළේ. දිවයිනට පැමිණි ජාත්‍යන්තර අරමුදලේ නියෝජිතයින් සහ ශ්‍රී ලංකාවේ බලධාරීන් අතර පැවති සාකච්ඡාවලින් පසු කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවට පසුගියදා එළඹ තිබුණා. ඒ අනුව ඩොලර් බිලියන 2.9 ක විස්තීරණ ණය පහසුකමක් ශ්‍රී ලංකාවට ලබාදීමටයි යෝජනා කෙරුණේ. මේ අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ශ්‍රී ලංකාව අතර අත්සන් කළ ගිවිසුම කඩිනමින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ආණ්ඩුවෙන් ඉල්ලා සිටියා.