Connect with us

International

Air India සමාගම ශක්තිමත් කෙරේ.

Published

on

ඉන්දියාවේ ජාතික ගුවන් සේවාව වන Air India සමාගම නව ගුවන්යානා 500ක් පමණ මිලදී ගැනීමට සැලසුම් කර ඇති බව රොයිටර්ස් පුවත් සේවය වාර්තා කරයි. ඒ සඳහා ඩොලර් බිලියන 100ක් පමණ වැයවෙතැයි අනුමාන කෙරේ. පසුගියදා Air India ගුවන් සමාගම ඉන්දියාවේ පිහිටි විශාලතම සමාගමක් වන “ටාටා සමූහය” විසින් මිලදී ගන්නා ලදී. ඔවුන්ගේ සැලසුම සිහින් බඳ සහිත මගී ගුවන්යානා 400ක් සහ පළල් බඳ සහිත යානා 100ක් මිලදී ගැනීමය. ඊට Airbus A – 350, Boying 787 සහ 777 යානා එම ව්‍යාපෘතිය යටතේ මිලදී ගැනීමට Air India සමාගම සැලසුම් කරයි. මෙම සැලසුම සාර්ථක වුවහොත් එක් ගුවන් සමාගමක් එක් වරකදී මිලදී ගන්නා වැඩිම ගුවන්යානා ගණන ලෙස මෙය ඉතිහාසගත වෙයි. මීට පෙර American Airlines සමාගම 2012 වසරේදී එකවර යානා 460ක් මිලදී ගෙන තිබුණි. 1932 දී ටාටා සමාගම යටතේ ස්ථාපිත කළ Air India ගුවන් සමාගම 1953 දී ජනසතු කෙරිණි. නැවතත් Air India සමාගම ලෝක පූජිත සමාගමක් බවට පත් කිරීමේ අරමුණින් 2022 ජනවාරි මාසයේදී ටාටා සමාගම විසින් Air India සමාගමේ ප්‍රධාන කොටස් හිමිකරු බවට පත් විය.

Continue Reading