Connect with us

International

2024 ලෝක සංචාරක දිනය අදට යෙදී තිබෙනවා

Published

on

මෙවර එහි තේමාව වන්නේ ‘සාමය සදහා සංචාරක ව්‍යාපාරය’ යන්නයි.

සංචාරක ව්‍යාපාරය ලෝක සාමය සඳහා ද මෙවලමක් වනවා.

ජාතීන් සහ සංස්කෘතීන් අතර සාමය, සංහිඳියාව, අවබෝධය සඳහා සහාය වීමට ‘සංචාරක ව්‍යාපාරය’ හරහා ඉතා වැදගත් කාර්යභාරයක් ඉටුකෙරෙනු ඇති.

එපමණක් නොව සංචාරක ව්‍යාපාරය, ලොව රටවල් ගණනාවක ආර්ථික සංවර්ධනය සඳහා ද උපකාරී වන්නක්.

එහි භූමිකාව රටවල අතර සාමය පෝෂණය කිරීමේදී ද සැළකිය යුතු කාර්යභාරයක් ඉටු කරනවා.

ගෝලීය මට්ටමින්, සංචාරක ව්‍යාපාරය විවිධ ජාතීන් අතර අන්තර් සම්බන්ධතා ගොඩනගන්නක් බව නොරහසක්.

එය ‘මිනිසුන් විසින් මිනිසුන් වෙනුවෙන් සාදන ලද කර්මාන්තයක්’.

ඕනෑම රටක සංචාරක කර්මාන්තය, ඒකාකෘති ප්‍රතික්ෂේප කිරීමට සහ අගතීන්ට අභියෝග කිරීමට බලගතු සහ ගතික බලවේගයක් ලෙසයි සැළකෙන්නේ.

මෙම අංශය අන්තර් සංස්කෘතික සංවාදයේ සාරාංශය ලෙස ද හැඳින්විය හැකියි.

එය “අනෙකා” හමුවීමට, විවිධ සංස්කෘතීන් ගැන ඉගෙන ගැනීමට, විදේශීය භාෂා ඇසීමට, විදේශීය රසයන් රස විඳීමට, අනෙකුත් මිනිසුන් සමඟ බැඳීම සහ ඉවසීම ගොඩනැගීමට ඉඩ සලසයි.

සාරාංශයක් ලෙස සංචාරය කිරීම මගින් මනස පුළුල් කරන අධ්‍යාපනික සහ අධ්‍යාත්මික අත්දැකීමක්.

මේ අතර ලෝක සංචාරක දිනය වෙනුවෙන් ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය විසින් කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ තුළ විශේෂ වැඩසටහන් කිහිපයක් ක්‍රියාත්මක කර තිබුණා.

එය උත්කර්ෂවත් අන්දමින් සැමරීමට ද කටයුතු කර තිබු අතර ඒ අනුව අද දින කටුනායක ගුවන් තොටුපොළ ඔස්සේ ශ්‍රී ලංකාවට පැමිණෙන විදේශීය සංචාරකයන් සුහදශීලී ලෙස පිළිගනිමින්, ඔවුන්ට මෙම ශ්‍රී ලංකා සංචාරය තුළ මතක සටහන් ලෙස සමරු තිළිණ පිරිනැමීම ද ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ සේවිකාවන් විසින් සිදු කරනු ලැබුවා.

මීට අමතරව ශ්‍රී ලංකාවේ දේශීය සංස්කෘතික අංග, කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි විදේශීය සංචාරකයන් වෙත ප්‍රදර්ශනය කිරීම සදහා උඩරට සහ පහතරට නැටුම් කණ්ඩායම් දෙකක් විසින් නර්තන අංග රාශියක් ද ඉදිරිපත් කළා.

ලෝක සංචාරක දින උත්සවය සැමරීම සදහා ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ අධ්‍යක්ෂ (මහජන සබදතා) මධුභානී පෙරේරා, එම කාර්යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ හරීන්ද්‍රා විජේවර්ධන සහ කටුනායක ගුවන් තොටුපොළ ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ කළමනාකරු වාසනා කුමාරි යන මහත්මීන් ඇතුළු පිරිසක් සහභාගී වී සිටියා.

Continue Reading
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *