Connect with us

International

හමාස් නායකයා මරුට

Published

on

හමාස් සංවිධානයේ නායක යාහියා සින්වාර් ඝාතනය කිරීමට සමත්වූ බව ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු නිවේදනය කලේය.

හමාස් නායක යාහියා සින්වාර් ඝාතනය කිරීම ඊශ්‍රායල හමුදා ලැබූ විශිෂ්ඨතම ජයග්‍රහණයක් ලෙස අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යානු පෙන්වා දෙයි.

පසුගිය වසරේ ඔක්තෝම්බර් 7 වන දින ඊශ්‍රායල හා හමාස් සංවිධානය අතර යුද ගැටුම් ආරම්භ වීමෙන් පසු ඊශ්‍රායලය මෙතෙක් ලැබූ විශාලතම ජයග්‍රහණය ලෙසද  මෙය හදුන්වයි.

ගාසා තීරයේ රෆා ප්‍ර දේශයේ සිදුකළ විශේෂ මෙහෙයුමකින් ඔහු ඝාතනය කිරීමට සමත්වූ බව ඊශ්‍රායල ආරක්ෂක අංශ නිවේදනය කර සිටී.

ඊට අදාළ දර්ශන ද මාධ්‍ය වෙත නිකුත් කිරීමට ඔවුන් කටයුතු කර ඇත.

යාහියා සින්වාර් ජීවිතක්ෂයට පත්වීම හමාස් සංවිධානයේ පසුබෑමට හේතුවනු ඇති බවට ද විශ්ලේෂකයින් පෙන්වා දෙන අතර ඔවුන් තවදුරටත් පවසන්නේ  මෙය දෙපාර්ශ්වය අතර යුද ගැටුම්හි අවසානය නොවන බවටයි