Connect with us

International

සකර්බර්ග් බිරිඳ වෙනුවෙන් ප්‍රතිමාවක් ඉදිකරයි

Published

on

ෆේස්බුක් නිර්මාතෘ, මෙටා ආයතන ප්‍රධානී මාර්ක් සකර්බර්ග් සිය ආදරණීය බිරිඳ ‘ප්‍රසිලා චෑන්’ වෙනුවෙන් පිළිමයක් ඉදිකර තිබෙනවා.

එම පිළිමය නිර්මාණය කර ඇත්තේ අමෙරිකාවේ නිව්යෝර්ක් චිත්‍ර ශිල්පියෙකු වන ඩැනියෙල් අර්ශාම් විසින්.

‘රෝම සම්ප්‍රදාය නැවතත් – බිරිඳ වෙනුවෙන් මූර්තියක්’ යන ශීර්ෂ පාඨය යටතේ ඔහු මේ බව සිය සමාජ මාධ්‍ය ගිණුම් හරහා ප්‍රසිද්ධියට පත්කර තිබුණේ පසුගිය 13 වැනිදායි.

මාර්ක් සකර්බර්ගේ බිරිඳ වන ‘ප්‍රසිලා චෑන්’ වෙනුවෙන් ඉදිකර ඇති එය රෝම ආභාෂය මූලික කරගනිමින් නිර්මාණය කළ ප්‍රතිමාවක් වන බව ද සඳහන්.

එම ප්‍රතිමාව අසළ ‘ප්‍රසිලා චෑන්’ කෝප්පයක් අතැතිව යමක් තොල ගාන අයුරු දැක්වෙන සේයාරුවක් ද සකර්බර්ග් විසින් ඉන්ස්ට්‍රාගෑම් මාධ්‍යයේ පළකර තිබුණා.

‘ප්‍රසිලා චෑන්’ගේ රූපය එලෙසම ප්‍රතිමාවට නඟා ඇති අයුරු එහිදී දක්නට ලැබෙන අතර එය හරිත වර්ණයෙන් යුක්තයි.

එම හරිත රූපය වටා ගලා යන ලෝහමය මතුපිටක් ද ඇති අතර සකර්බර්ග් සිය බිරිඳට ගෞරවයක් වශයෙන් මෙය නිර්මාණය කරන්නට ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

එමෙන්ම මෙම ප්‍රතිමාව ඔවුන්ගේ නිවසේ මිදුලෙහි ඉදිකර ඇති බවයි වාර්තා වන්නේ.

මෙම ප්‍රතිමාවේ පිටුපස සිටින කලාකරුවා වන ඩැනියෙල් අර්ෂම්ට සකර්බර්ග් සිය ගෞරවය පුද කර ඇති අතර නිර්මාණය සඳහා ඔහුට සිය ස්තූතියද පළකර තිබෙනවා.

Arsham යනු නිව් යෝර්ක් නගරය පදනම් කරගත් දැවැන්ත කලාකරුවෙක්.

සිය බිරිඳ වෙනුවෙන් ප්‍රතිමාවක් නිර්මාණය කළ සකර්බර්ග්ට ප්‍රේක්ෂකයින්ගෙන් සතුටුදායක ප්‍රතිචාර ද හිමිවුණා.

“මෙය මෙතෙක් කළ යුතු වඩාත්ම ප්‍රකෝටිපති දෙයයි..”

“නිවැරදි කාන්තාව, පිරිමි ළමයෙකු සැබෑ මිනිසෙකු බවට පත් කරයි..”

“බිරිඳ වෙනුවෙන් උසස් ලෙස සිතන පිරිමි මට්ටම ද උසස්..”

”මගේ බිරිඳ වෙනුවෙන් දැන් මමත් වෙනස් දෙයක් කළ යුතුයි..”

මාර්ක් සකර්බර්ග් සිය බිරිඳ වන ප්‍රිසිලාව පුදුමයට පත් කිරීමට තීරණය කළ බවත්, මෙම නිර්මාණය හරහා ඇය අතිශයින් පුදුමයට පත්වූ බවත් ඔහු සඳහන් කර තිබෙනවා.

මේ අතර මාර්ක් සකර්බර්ග්ගේ බිරිඳ හිටපු ගුරුවරියක්, ළමා රෝග විශේෂඥවරියක් මෙන්ම Zuckerberg Initiative හි සම-නිර්මාතෘ සහ සම-ප්‍රධාන විධායක නිලධාරිනිය ද වශයෙන්ද කටයුතු කරනු ලබනවා.

චෑන් සහ සකර්බර්ග් මුණගැසී ඇත්තේ හාවර්ඩ් විශ්වවිද්‍යාලයේදී අධ්‍යාපනය ලබන අතරතුරදීයි.

එවකටදී එම විශ්වවිද්‍යාලයේ සිසුන් වූ ඔවුන් පසුව 2012 වසරේ මැයි මස 19 වැනිදා විවාහ දිවියට එළැඹෙනවා.

ඔවුන්ට මේ වනවිට දියණියන් තිදෙනෙක් ද සිටින බව සඳහන්.

ඔවුන් විවාහ වී වසර 12කට අධික කාලයක් ගතවුවද මාර්ක් සකබර්ග් සෑම මොහෝතකම තමන්ට ආදරණීය වන බවයි ඇයගේ බිරිද ප්‍රකාශ කර ඇත්තේ.

1984 මැයි 14 වැනිදා උපන් මාර්ක් සකබර්ග් මේ වනවිට 40 වන වියේ පසුවනවා.