International
ෂාරුක් ඛාන්ට මරණ තර්ජන
සුපිරි නළු ෂාරුක් ඛාන්ට මරණ තර්ජන එල්ලව ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.
‘indian express’ වාර්තා කරන්නේ අඟහරුවාදා සවස ලැබුණු මෙම තර්ජනය සම්බන්ධයෙන්, කප්පම් ගැනීම් සහ සාපරාධී බිය ගැන්වීම් පිළිබඳව නඩුවක් ද ගොනුකර ඇති බවයි.
ඒ අනුව සයිබර් ආරක්ෂක අංශ සමඟ එක්ව මේ පිළිබඳව පරීක්ෂණ ආරම්භ කර ඇති බවයි, මුම්බායි පොලිසිය අද (නොවැම්බර් 7) ප්‍රකාශ කර ඇත්තේ.
එම ප්‍රකාශයට අනුව ෂාරුක් ඛාන් ඝාතනය කිරීමට සැලසුම් කර ඇති බවට අනතුරු අඟවමින්, චතිස්ගාර් ප්‍රාන්තයේ රයිපූර් ප්‍රදේශයේ ෆයිසාන් නම් පුද්ගලයෙකුගේ නමින් ලියාපදිංචි අංකයකින් මෙලෙස තර්ජනාත්මක ඇමතුමක් ලැබී ඇති බව සඳහන්.
මුම්බායි හි බන්ද්‍රා පොලිසිය සඳහන් කරන්නේ, මෙම ඇමතුම මඟින් ඉන්දීය රුපියල් ලක්ෂ 50 ක කප්පම් මුදලක් ද ඉල්ලා ඇති බවයි.
ලෝරන්ස් බිෂ්නෝයි කල්ලියේ මෙන්ම අනෙකුත් පුද්ගලයන්ගේ ද නැවත නැවතත් තර්ජනවලට ලක් වූ සෙසු සුපිරි නළු සල්මන් ඛාන්ට ලැබෙන විවිධ බිය ගැන්වීම් පණිවිඩවලින් පසුව ‘කිං ඛාන්’ වෙත මෙලෙස තර්ජන එල්ල වීමක් දක්නට ලැබෙන බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ.