Connect with us

International

වැග්නර් ප්‍රධානියා ඇතුළු දසදෙනෙකුගේ මළ සිරුරු සොයාගැනේ.

Published

on

මීට දින දෙකකට පෙර ගුවන් අනතුරකට ලක්වී මිය ගිය වැග්නර් ප්‍රධානී යෙව්ගිනි ප්‍රිගොෂින්ගේ ජෙට් යානය කඩා වැටුණු ස්ථානයෙන් මළ සිරුරු 10ක් සහ ගුවන් රෙකෝඩර සොයා ගත් බව රුසියාව පවසනවා. මේ පිළිබඳ අණුක ජාන පරීක්ෂණ මේ වන විට සිදුකෙරෙමින් පවතින බව විදෙස් මාධ්‍ය ප්‍රකාශ කරනවා. බෝම්බයක් හෝ මිසයිල ප්‍රහාරයක් හේතුවෙන් ගුවන්යානය විනාශ වන්නට ඇති බවයි බොහෝ විශ්ලේෂකයන් අනුමාන කරන්නේ. මේ අතර ප්‍රිගොෂින් ඝාතනය කිරීමට ක්‍රෙම්ලිනය නියෝගයක් ලබාදුන් බවට කරන ප්‍රචාර සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන බව රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් ප්‍රකාශ කර තිබෙනවා. කෙසේ නමුත් විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ අනතුරට හේතුව කුමක්ද යන්න පිළිබඳව මේ වන තෙක් නිශ්චිත නිගමනයකට පැමිණ නොමැති බවයි.