Connect with us

International

ලොව පළමු ට්‍රිලියනපතියා එලෝන් මස්ක් වෙයිද ?

Published

on

විද්‍යුත් වාහන, සමාජ මාධ්‍ය, අභ්‍යවකාශ රොකට් දක්වා සෑම ක්ෂේත්‍රයක්ම පාහේ ආවරණය කෙරෙන පුළුල් ‘ව්‍යාපාර අධිරාජ්‍යයකට’ හිමිකම් කියන එලෝන් මස්ක්, නුදුරේදීම ලොව පළමු ට්‍රිලියනපතියා බවට පත්වෙනු ඇති බවට විදෙස් මාධ්‍ය තොරතුරු වාර්තා කරනවා.

මස්ක්ගේ ව්‍යාපාරික සාර්ථකත්වය දැනටමත් ඔහුව ලෝකයේ වඩාත්ම බලගතු, ධනවත් සහ මතභේදාත්මක පුද්ගලයෙකු බවට පත් කර අවසන්.

දැනට ඔහුගේ වාර්තාගත වත්කම ඩොලර් බිලියන 251 කට ආසන්න බව කියවෙනවා.

ඒ අනුවයි මස්ක් ලොව පළමු ට්‍රිලියනපතියා බවට පත්විය හැකි බව Informa Connect Academy වාර්තාවක සඳහන් වන්නෙ. ඊට අනුව මස්ක් මේ වාර්තාවට ළඟා වන්නේ 2027 වසරේ දීයි.

එහි වැඩිදුරටත් සඳහන්ව ඇත්තේ, මස්ක්ගේ ශුද්ධ වටිනාකම වසරකට 110% ක සාමාන්‍ය අනුපාතයකින් ශීඝ්‍රයෙන් වර්ධනය වී ඇති බව.

ඒත් සමඟ ම 2028 වසරේදී බිහිවීමට නියමිත ට්‍රිලියනපතියෙකු ගැනත් Informa හෙළිදරව් කර තිබෙනවා. ඒ අසල්වැසි ඉන්දියාවේ ප්‍රකෝටිපති ගෞතම් අදානි.

තාක්ෂණික සමාගමක් වන Nvidia හි ප්‍රධාන විධායක නිලධාරී Jensen Huang සහ ඉන්දුනීසියානු බලශක්ති ක්ෂේත්‍රය හා සම්බන්ධ Prajogo Pangestu ද ඔවුන්ගේ ගමන් පථය මේ ආකාරයෙන් ම පැවතියහොත් 2028 දී ට්‍රිලියනපතියන් බවට පත්විය හැකි බව සඳහන්.

එමෙන්ම Meta හි ප්‍රධාන විධායක නිලධාරී Mark Zuckerberg ද 2030 දී ඩොලර් ට්‍රිලියනයක් ග්‍රහණය කිරීමට නියමිත බවත් එම වාර්තාවේ දැක්වෙනවා.

Continue Reading
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *