Connect with us

International

ලොව අපිරිසිදුම මිනිසා මියයයි.

Published

on

ලොව අපිරිසිදුම මිනිසා ලෙස සැලකෙන ඉරාන ජාතික අමූහාජි මිය ගොස් තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, මිය යන විට ඔහු 94 වන වියේ පසු වූ බවටයි. මොහු වසර 50කට වැඩි කාලයක් සබන් සහ ජලය භාවිත කිරීම ප්‍රතික්ෂේප කර තිබූ අතර, මොහු දශක ගණනකට පසු පළමුවරට ඇඟ සෝදා පිරිසිදු වී ඇත්තේ පසුගිය මාසයේදීය.
අමූහාජි මෙලෙස සබන් සහ ජලය ප්‍රතික්ෂේප කිරීමට හේතු වී ඇත්තේ තමන් ලෙඩ රෝගවලට ගොදුරු වේය යන බියෙන් බව විදෙස් වාර්තා සඳහන් කළා. ඉරානයේ දකුණු පළාතේ ෆාර්සිහි ජීවත් වූ මෙම පුද්ගලයා නහවා පිරිසිදු කිරීමට ගම්වාසීන් විසින් දැරූ උත්සාහයන් ද ඔහු වළක්වා ඇත.

Continue Reading