Connect with us

International

ලිබියාවේ ගංවතුර හේතුවෙන් සිදුවූ මරණ සංඛ්‍යාව 20,000කට ආසන්න වෙයි.

Published

on

ලිබියාවට බලපෑ දරුණු ගංවතුර හේතුවෙන් නැගෙනහිර ඩර්නා නගරයේ පුද්ගලයන් 18,000ත් 20,000ත් පිරිසක් මියගොස් ඇති බවට තක්සේරු කර තිබෙනවා. එම නගරයේ නගරාධිපතිවරයා සඳහන් කර ඇත්තේ වේලි දෙකක් කඩායාම හේතුවෙන් ඒ අවට ජනාවාස මුළුමනින්ම විනාශ වී ඇති බවයි. “ඩැනියෙල්” සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ධාරාණිපාත වර්ෂාව හමුවේ මෙම දරුණු ගංවතුර සහ ජල ගැලීම් තත්ත්වය හට ගෙන තිබෙන බවයි වාර්තා වන්නේ. එක්සත් ජාතීන්ගේ ලෝක කාලගුණ විද්‍යා සංවිධානයේ ප්‍රධානී Petteri Taalas පවසන්නේ මෙම ගංවතුරෙන් සිදුවූ බොහෝ මරණ වළක්වා ගත හැකිව තිබූ බවයි.

Continue Reading