Connect with us

International

රුසියාවෙන් යුක්‍රේනයට අඛණ්ඩ ප්‍රහාර මාලාවක්.

Published

on

යුක්‍රේනයේ කියුව් අගනුවර ඇතුළු නගර කීපයක් ඉලක්ක කර රුසියාව විසින් අඛණ්ඩ ප්‍රහාර මාලාවක් එල්ල කර තිබෙනවා. අද උදෑසන රුසියාව යුක්‍රේනයේ අගනුවර වන කියුව් නගරයට සහ යුක්‍රේනයේ මධ්‍යම සහ දකුණු පළාත්වලට රොකට්, කාලතුවක්කු සහ යුද ටැංකි ප්‍රහාර නොනවත්වා එල්ල කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. එහිදී පුද්ගලයන් දෙදෙනෙකු මිය ගොස් පස් දෙනෙකු තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.
ඉන් සිදුවු දේපළ හානි සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරු වාර්තා වී නොමැති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. මේ යුක්‍රේනයේ Dnipro නගරයේ නගරාධිපති Borys Filatov සඳහන් කරන්නේ සිකුරාදා අලුයම ප්‍රහාරවලින් කාන්තාවක් සහ තුන් හැවිරිදි දරුවෙකු මියගිය බවයි.