International
මැලේසියානු හිටපු අගමැතිගේ අභියාචනය ඉවතට – වසර 12ක සිරදඬුවම තහවුරු කෙරේ
මැලේසියාවේ හිටපු අග්රාමාත්ය නජීබ් රසාක්ට මීට පෙර අධිකරණය මගින් පනවා තිබූ වසර 12 ක සිරදඬුවම එරට ෆෙඩරල් අධිකරණය විසින් අද තහවුරු කළා. 69 හැවිරිදි හිටපු මැලේසියානු අග්රාමාත්යවරයා 2020 වසරේදී බලය අයුතු ලෙස භාවිත කිරීම සහ මුදල් විශුද්ධිකරණය යන චෝදනාවලට වරදකරු වුණා. ඒ සමග ඔහුට වසර 12 ක සිරදඩුවමක් සහ ඇමෙරිකානු ඩොලර් මිලියන 46 ක දඩයක් පනවනු ලැබුවා. අද ඇමරිකානු ඩොලරයේ වටිනාකමට අනුව මෙම දඩ මුදල ශ්රී ලංකා රුපියල් දහසය බිලියන පන්සිය පනස් හය මිලියන හත්ලක්ෂ අසූ අට දහස් හාරසිය හැට හතරක් වනවා. ඊට එරෙහිව හිටපු අග්රාමාත්යවරයා සිදුකළ අභියාචනය එරට ෆෙඩරල් අධිකරණය ප්රතික්ෂේප කිරීමෙන් අනතුරුවයි මෙලෙස ඔහුට අද දිනයේදී මීට පෙර ලබාදුන් දඬුවම තහවුරු කෙරුණේ.