Connect with us

International

පාකිස්තාන හිටපු ජනපති ෆර්වේස් මුෂාරෆ් අභාවප්‍රාප්ත වෙයි.

Published

on

පාකිස්ථානයේ හිටපු ජනාධිපතිවරයෙකු වන ෆර්වේස් මුෂාරෆ් අභාවප්‍රාප්ත වී තිබෙනවා. දිගුකාලයක් අසනීප තත්වයෙන් පසුවූ ඔහු ඩුබායිහි රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදියි අද (05) මියගොස් ඇත්තේ. වසර අටකට ආසන්න කාලයක් ඩුබායිහි ජීවත්වූ ෆර්වේස් මුෂාරෆ් දුර්ලභ රෝග තත්ත්වයකින් පීඩා විඳ තිබෙන බව විදෙස් මාධ්‍ය පවසනවා. 1999 වසරේදී හමුදා කුමන්ත්‍රණයකින් පාකිස්ථානයේ බලය අල්ලා ගත් ෆර්වේස් මුෂාරෆ් 2001 වසරේ සිට 2008 දක්වා පාකිස්ථානයේ ජනාධිපතිවරයා ලෙස කටයුතු කර තිබෙනවා.

Continue Reading