Connect with us

International

ප්‍රංශය හා ආජන්ටිනාව FIFA අවසන් මහා තරගයට.

Published

on

පාපන්දු ලෝක කුසලානයේ දෙවන අවසන් පූර්ව තරගය ජයගත් පසුගියවර ශූරයන් වන ප්‍රබල ප්‍රංශය මෙවර ලෝක කුසලාන අවසන් මහා තරගයේ දී ආජන්ටිනාවට එරෙහිව තරග වැදීමට සුදුසුකම් ලැබුවා. ඒ, දෙවැනි අවසන් පූර්ව තරගය 2-0ක් ලෙස මොරොක්කෝවට පරාජය අත් කර දෙමින්. තරගය ආරම්භයේදීම ප්‍රංශය වෙනුවෙන් ප්‍රථම ගෝලය වාර්තා කිරීමට Theo Hernández සමත් වුණු අතර, තරගයේ 5 වැනි මිනිත්තුවේ දී ඔහු එම ගෝලය රැස් කළා. ඉන්පසු තරගයේ පළමු අර්ධය නිමාවන තුරු දෙපාර්ශවයම පාපන්දු පිටිය උණුසුම් කරමින් තරග වැදුණ ද එක් කණ්ඩායමකට වත් ගෝලයක් ලබාගැනීමට හැකි වුණේ නෑ. ඒ අනුව තරගයේ පළමු අර්ධය නිමා වූයේ 1-0 ලෙස ප්‍රංශය පෙරමුණ ගනිමින්. දෙවන අර්ධයේ දී යළි ක්‍රියාත්මක වූ ප්‍රබල ප්‍රංශ ක්‍රීඩකයන් තවත් ගෝලයක් සිය රට ඉදිරියේ සටහන් කිරීමට සමත් වුණා. ඒ අනුව එළඹෙන ඉරිදා (18) මෙවර පාපන්දු ලෝක කුසලාන අවසන් මහා තරගය ප්‍රංශය සහ ආජන්ටිනාව අතර පැවැත්වෙනු ඇති. ආජන්ටිනාව පාපන්දු ලෝක කුසලාන අවසන් මහා තරගයක් සඳහා සුදුසුකම් ලබාගත්තේ 6 වැනි වතාවට වන අතර, ප්‍රංශය පාපන්දු ලෝක
කුසලාන අවසන් මහා තරගයක් සඳහා සුදුසුකම් ලබාගත්තේ 4 වැනි වතාවටයි.