Connect with us

International

පළමු පුද්ගලික අභ්‍යවකාශ ගමන ඇරඹේ

Published

on

පුද්ගලිකව අරමුදල් සපයන පළමු අභ්‍යවකාශ ඇවිදීම සඳහා ගගනගාමීන් හතර දෙනෙකු අභ්‍යවකාශයට පිටත්ව ගොස් තිබෙනවා.

මෙම මෙහෙයුම සඳා මුදල් සපයා ඇත්තේ, ප්‍රකෝටිපතියෙකු වන Jared Isaacman විසින්.

ඔහු සමඟ එක්සත් ජනපද ගුවන් හමුදාවේ විශ්‍රාමික ගුවන් නියමුවෙකු වන Scott Poteet සහ SpaceX සේවකයින් වන Sarah Gillis සහ Anna Menon මෙම පුද්ගලික අභ්‍යවකාශ ගමනට එක්වන බව සඳහන්.

මීට පෙර අභ්‍යවකාශ ගමන් සිදු කර ඇත්තේ රජයෙන් ආධාර ලබන ගගනගාමීන් පමණයි.

මෙම අභ්‍යාවකාශ යානය ලෙසින් නම් කර ඇති අතර එය SpaceX ආයතනයට අයත්වූවක්.

ගගනගාමීන් හතර දෙනා රැගත් එම යනාය ෆ්ලොරිඩාවේ කෙනඩි අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන් සාර්ථකව උඩුගුවනට නික්මුණු බවයි SpaceX ආයතනය ප්‍රකාශ කර ඇත්තේ.

Continue Reading