Connect with us

International

දොළොස්වන වඳුරාටත් මරු කැඳවූ හොංකොං සත්වෝද්‍යානයක බැක්ටීරියාව

Published

on

බැක්ටීරියා ආසාදනයක් හේතුවෙන් හොංකොං සත්වෝද්‍යානයක වඳුරන් 12 දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ගෙවුණු දින 10 ක කාලයක් ඇතුළත මෙම මරණ වාර්තා වී ඇති අතර, මරණ පිළිබඳව පරීක්ෂණ සිදු වෙමින් පවතින බව සඳහන්.

විදෙස් වාර්තාවන්ට අනුව පළමු මරණ අට වාර්තාවී ඇත්තේ ඔක්තෝබර් 13 වැනිදායි. එතැන් පටන් කරන ලද මරණ පරීක්ෂණ මගින් දැනට තහවුරු කරගෙන ඇත්තේ, මරණවලට හේතුව දූෂිත පසෙන් පැමිණි බැක්ටීරියා ආසාදනයක් වන බවයි.

එය දූෂිත පස, වාතය හෝ ජලය ස්පර්ශ කිරීමෙන් පැතිර යා හැකි බෝවන රෝගයක් වන melioidosis ලෙස හඳුනාගෙන ඇති බව සඳහන්.

ඒ අනුව වඳුරන් ගැවසෙන කූඩු අසල පස් ඉවත් කරමින් සිටි කම්කරුවන්ගේ සපත්තු හරහා මෙම දූෂිත පස් කොටස් පැමිණ ඇති බවයි සත්වෝද්‍යාන බලධාරීන් දැනට නිගමනය කර ඇත්තේ.

කෙසේ නමුත් ඉන් වන ආසාදනය මිනිසුන්ට පැතිරීමේ අවදානම “තරමක් අඩු” බවත් සඳහන්.

විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ, මිය ගිය වඳුරන් අතර දැඩි වඳවී යාමේ තර්ජනයට ලක්ව ඇති වඳුරු විශේෂ ද සිටි බවයි.

පවතින තත්ත්වය හමුවේ සත්වෝද්‍යානයේ ඉතිරි සත්ත්වයින්ගේ සෞඛ්‍යය “සාමාන්‍ය” බවයි බලධාරීන් වැඩිදුරටත් සඳහන් කරන්නේ.

Continue Reading