Connect with us

International

ගගනගාමීන් දෙදෙනෙක් අභ්‍යවකාශයේ සිරවේ

Published

on

බෝයිං ස්ටාර්ලයිනර් යානයෙන් අභ්‍යවකාශගතවූ ගගනගාමීන් දෙදෙනෙක්, නැවත පෘතුවියට පැමිණීමට නොහැකිව අභ්‍යවකාශයේ සිරවී සිටින බව වාර්තා වේ.

මෙම එක්සත් ජනපද ගගනගාමීන් දෙදෙනාව නැවත ගෙන්වා ගන්නේ කෙසේද යන්න පිළිබඳ තීරණයක් ගැනීම නාසා ආයතනය විසින් නැවත ප්‍රමාද කර ඇති බව සඳහන්ය.

එක්සත් ජනපද අභ්‍යවකාශ ඒජන්සිය පැවසුවේ අගෝස්තු අගවන විට යම් නිශ්චිත තීරණයක් ගත හැකි වනු ඇති බවය.

ස්ටාර්ලයිනර් යානය නැවත් පැමිණීමට අනාරක්ෂිත යැයි සැලකේ නම් භාවිතා කළ හැකි බවත් ඔවුහු සඳහන් කරති.

කෙසේ වෙතත් මෙම විශිෂ්ට ගගනගාමීන් දෙදෙනා අවදානම් මෙහෙයුමක් සඳහා සූදානම්ව අභ්‍යවකාශයට ගිය බව නාසා ආයතනය පවසයි.

සුනි විලියම්ස් සහ බුච් විල්මර් පසුගිය ජූනි 5 දින ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයට ගමන් කළේ දින අටකට පසු නැවත පැමිණීමට අපේක්ෂාවෙන් වුවත්, ඔවුන් එහි ගිය බෝයිං ස්ටාර්ලයිනර් යානය ගැටළු කිහිපයකට මුහුණ දී ඇති නිසා ඇවත පැමිණීමට නොහැකිවී තිබේ.

වසරේ මුල් භාගයේදී SpaceX අභ්‍යාවකාශ යානයක් භාවිත කරමින් ඔවුන්ට නැවත පෘතුවියට පැමිණිය හැකි බවට දැනට වාර්තා වේ.

නමුත් ගගනගාමීන් පෘථිවියට ආපසු ගමන් කරන ආකාරය වෙනස් කිරීම සරල කාර්යයක් නොවන බවයි නාසා ආයතනය පවසා ඇත.