Connect with us

International

ඉම්රාන් ඛාන් අත්අඩංගුවට ගැනීමට පොලිසිය ඔහුගේ නිවසට ඇතුළු වෙයි.

Published

on

පාකිස්තාන හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් අත්අඩංගුවට ගැනීම සඳහා ඔහුගේ ලාහෝර් නගරයේ පිහිටි නිවසට පොලීසිය ඇතුළු වී තිබෙනවා. ත්‍යාග නීතිවිරෝධී ලෙස මිලදී ගැනීම සහ විකිණීමේ නඩුවක් සම්බන්ධයෙන් පසුගිය පෙබරවාරි 28 වනදා එරට ෆෙඩරල් අධිකරණය විසින් හිටපු අග්‍රාමාත්‍යවරයා අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුවක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව පාකිස්තාන හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් අත්අඩංගුවට ගැනීම සඳහා ඉස්ලාමාබාද් පොලිස් නිලධාරීන් ඔහුගේ ලාහෝර් නගරයේ පිහිටි නිවස වෙත ඇතුළු වී තිබෙනවා. හිටපු අග්‍රමාත්‍යවරයාගේ දේශපාලන පාක්ෂිකයන් එම ස්ථානයේ එක් රැස්වී පොලිස් නිලධාරීන් හට නිවසට ඇතුළුවීමට ඉඩ ලබානොදීම හේතුවෙන් එම ස්ථානයේ උණුසුම් තත්ත්වයක් හටගෙන ඇති බව වාර්තා වනවා. කෙසේ වෙතත් අග්‍රාමාත්‍යවරයා නිවසේ සිටීද යන්න සම්බන්යෙන් මෙතෙක් තොරතුරු වාර්තා වී නොමැති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.