Connect with us

International

ඇෆ්ගන් කණ්ඩායම පරදා පාකිස්තානය එක් කඩුල්ලක විශිෂ්ට ජයක් ලබා ආසියානු කුසලානයේ අවසන් මහා තරගයට.

Published

on

ආසියානු කුසලානයේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට පාකිස්තානය අද සමත් වුණා. ඒ ඇෆ්ගනිස්ථානය සමග පැවති තරගය කඩුලු 1කින් ජය ගනිමින්. මෙම තරගයේ කාසියේ වාසිය දිනාගත් පාකිස්ථාන නායකයාගේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් ඇෆ්ගනිස්ථාන කණ්ඩායමට පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී රැස්කර ගැනීමට හැකිවුණේ ලකුණු 129ක් පමණයි. ඊබ්‍රහිම් සඩ්‍රාන් ලකුණු 35ක් රැස් කළ අතර හස්රතුල්ලා සසායි ලකුණු 21ක් රැස් කළේය. හරිස් රවුෆ් ලකුණු 26කට කඩුලු 2ක් බිඳ හෙළුවා. පිළිතුරු ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදුන් පාකිස්ථානය පන්දුවාර 19යි පන්දු 2ක් අවසානයේ ජයග්‍රාහී ඉලක්කය පසු කළා. පාකිස්තාන කණ්ඩායම වෙනුවෙන් ෂඩාබ් ඛාන් ලකුණු 36ක් රැස් කළ අතර ඉෆ්තිකාර් අහමඩ් ලකුණු 30ක් රැස් කළේය. වේගවත් ඉනිමක් ක්‍රීඩා කළ නසීම් ෂා හයේ පහර දෙකක් සමගින් පන්දු 4කින් ලකුණු 14ක් රැස් කරමින් අවසන් මොහොතේ පාකිස්තානය ජයග්‍රහණය කරා රැගෙන ගියා. තරගයේ වීරයා ෂඩාබ් ඛාන්. ඒ අනුව අවසන් මහා තරගය ලබන 11 වැනිදා ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර පැවැත්වෙනු ඇති.