Connect with us

International

සුපිරි පාපන්දු ක්‍රීඩක පේලේ අභාවප්‍රාප්ත වෙයි.

Published

on

ලොව මෙතෙක් බිහි වූ විශිෂ්ටතම පාපන්දු ක්‍රීඩකයා ලෙස සැලකෙන බ්‍රසීල සුපිරි පාපන්දු ක්‍රීඩක පේලේ මියගොස් තිබේ. වකුගඩු ආශ්‍රිත පිළිකාවකින් පීඩා විඳි ඔහු පසුගිය මස 29 වැනිදා ශ්වසන අපහසුතාවයක් හේතුවෙන් සාඕ පොලෝ නුවර ඇල්බට් අයින්ස්ටයින් රෝහලට ඇතුළත් කරනු ලැබූ අතර මිය යන විට පේලේ 82 හැවිරිදි වියේ පසු වුණා. 1958, 1962 සහ 1970 දී බ්‍රසීලයට තෙවරක් පාපන්දු ලෝක කුසලානය අත්කර දීමට ඔහු සමත් වූ අතර එය ලෝක වාර්තාවක් ද වනවා. ජගත් පාපන්දු සම්මේලනය විසින් 2000 වසරේ දී පේලේ සියවසේ ක්‍රීඩකයා ලෙසද නම් කරනු ලැබුවා. සිය වසර 21ක වෘත්තීය පාපන්දු දිවිය තුළ ඔහු තරග 1,363කදී ගෝල 1,281ක් රැස් කරගෙන ඇති අතර එය පාපන්දු ක්‍රීඩකයෙකු රැස් කළ වැඩිම ගෝල සංඛ්‍යාව ලෙසයි වාර්තා අතරට එක්ව ඇත්තේ.

Continue Reading