Connect with us

International

සුදුසුකම් ලබා ගැනීමේ තරග වටයේදී කුවේටය, UAE සහ සිංගප්පුරුව පරාජය කළ Hong Kong කණ්ඩායම ආසියානු කුසලාන තරගාවලියේ සිය ස්ථානය තහවුරු කර ගනී!

Published

on

මෙවර ආසියානු කුසලාන විස්සයි-20 තරගාවලිය එළඹෙන අගෝස්තු 27 සිට සැප්තැම්බර් 11 දක්වා එක්සත් අරාබි එමිර් රාජ්‍යයේදී අති උත්කර්ෂවත් ලෙස පැවැත්වීමට සැලසුම් කර තිබෙන අතර ඒ ශ්‍රී ලංකාවේ සත්කාරකත්වය යටතේය. එමෙන්ම Kuwait, Singapore සහ Hong Kong යන රටවල සහභාගිත්වයෙන් ඕමානයේ සත්කාරකත්වය යටතේ පැවති ආසියානු කුසලානය සඳහා සුදුසුකම් ලබා ගැනීමේ තරග වටයේදී තමන් මුහුණ දුන් තරඟ 3ම ජය ගත් Hong Kong කණ්ඩායම ආසියානු කුසලාන තරගාවලියේ සිය ස්ථානය තහවුරු කර ගැනීමට සමත් වුනා. ඔවුන් ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණේ සිටිමින් සුදුසුකම් ලබාගැනීමේ තරගාවලිය නිමා කළා. Hong Kong කණ්ඩායම මෙම ප්‍රසාද ලකුණු සටහනේ ලකුණු 6 ක් හිමි කර ගත් අතර, කුවේට් කණ්ඩායම ප්‍රසාද ලකුණු 4 ක් සමගින් දෙවැනි ස්ථානයත්, එක්සත් අරාබි එමීර් රාජ්‍යය ප්‍රසාද ලකුණු 2 ක් සමගින් තෙවැනි ස්ථානයත් හිමි කර ගත්තා. සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ ක්‍රීඩා කළ තරග තුනම පරාජයට පත්වූ
සිංගප්පූරුවට හිමි වූයේ සිව්වැනි හා අවසන් ස්ථානයයි. ඒ අනුව එළඹෙන අගෝස්තු 27 ආරම්භ වන ආසියානු කුසලානයට Hong Kong කණ්ඩායම එක්වෙනු ඇත.