Connect with us

International

සනත් ජයසුරිය සිය පන්දුවාර 4දී ප්‍රතිවාදී පිතිකරුවන්ට ලකුණු 3ක් පමණක් ලබා දෙමින් කඩුළු 4ක් බිඳ හෙළමින් Legends පිටිය හොල්ලයි!

Published

on

ජාත්‍යන්තර ක්‍රිකට් දිවියට විශ්‍රාම දුන් හිටපු සුපිරි ක්‍රිකට් තරු ක්‍රීඩා කරන Road Safety Legends ලෝක ශූරතාවලියේ දෙවැනි අදියර පසුගියදා ඇරඹුන අතර ශ්‍රී ලංකා කණ්ඩායම තරග වැදුණු දෙවන තරගය අද ශ්‍රී ලංකා Legends සහ එංගලන්ත Legends කණ්ඩායම අතර පැවැත්වුණු අතර එම තරගයෙන් කඩුළු 7ක ජයක් වාර්තා කරමින් පිට පිටම දෙවන ජයත් තමන් සතු කර ගැනීමට ශ්‍රී ලංකාව සමත් වුණා. අද තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායක තිලකරත්න ඩිල්ෂාන් පළමුවෙන් පන්දු රැකීමට තීරණය කළ අතර ඒ අනුව පිටියට පිවිසි එංගලන්ත Legends පිතිකරුවන්ට පන්දුවාර 19ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 78ක් පමණයි.
විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වූ සනත් ජයසූරිය ලකුණු 3කට කඩුළු 4ක් දවාගැනීමට සමත් වුණා. ඒ, නිලකුණු පන්දුවාර 2ක් ද සමගින් වීම විශේෂත්වයක්. සනත් ජයසුරියගේ මෙම විශිෂ්ට පන්දු යැවීම හේතුවෙන් තරගයේ වීරයා සම්මානය ද ඔහුට හිමි වුණා.