International
ශ්‍රී ලංකාව ජාත්‍යන්තර සතුටු දර්ශකයේ ඉදිරියට.
ශ්‍රී ලංකාව, මේ වසරේදී ජාත්‍යන්තර සතුටු දර්ශකයේ ඉදිරියට ස්ථාන 15කින් පැමිණ තිබෙනවා. රටවල ජනතාවගේ ජිවනෝපාය සහ ආර්ථික තත්ත්වය මත මෙම දර්ශකයේ අගය තීරණය වන අතර ගිය වසරේ දී ශ්‍රී ලංකාව එහි 127 වන ස්ථානයේ පසුවුණා. කෙසේ වෙතත්, ශ්‍රී ලංකාව මෙම වසරේ දර්ශකයේ 112 වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණ තිබෙනවා. සතුටු දර්ශකයේ පළමු ස්ථානයට ෆින්ලන්තයට හිමිවී ඇති අතර දෙවන ස්ථානයේ පසුවන්නේ ඩෙන්මාර්කයයි. තුන්වන ස්ථානයේ පසුවන්නේ අයිස්ලන්තයයි.