International
මේ දවස්වල කැබිණට් මණ්ඩලය තෝරන ට්‍රම්ප්
ධවල මන්දිරයෙන් පිටව ගොස් වසර හතරකට පසු, මිලියන සංඛ්‍යාත අමෙරිකානුවන්ගෙන් දෙවන අවස්ථාවක් ලබා ගත් ඩොනල්ඩ් ට්‍රම්ප් ඔහුගේ කැබිනට් මණ්ඩලය තෝරා ගැනීමට කටයුතු කරමින් සිටින බව වාර්තා වනවා.
කමලා හැරිස් “සාමකාමී බල හුවමාරුවක්” වෙනුවෙන් ප්‍රතිඥා දී ඇති අතර, තව දුරටත් අමෙරිකානු ජනපතිවරණයේ ඡන්ද ගණන් කිරීම් සිදුවන බව සඳහන්.
ප්‍රධාන ප්‍රාන්ත හතෙන් පහක් ජයග්‍රහණය කළ ට්‍රම්ප්, ඉතිරි ප්‍රාන්ත දෙකවන නෙවාඩා සහ ඇරිසෝනා ද ජයගනු ඇතැයි අපේක්ෂිතයි.
බටහිර වර්ජිනියා, ඔහියෝ සහ මොන්ටානා හි ආසන ජයග්‍රහණය කිරීමෙන් පසු, ජනාධිපතිවරණ තරඟයෙන් බැහැරව, රිපබ්ලිකානුවන් එක්සත් ජනපද සෙනෙට් සභාවේ පාලනය ද නැවත ලබා ගැනීම විශේෂත්වයක්.
අමෙරිකානු නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ ආසන කිහිපයක් තවමත් තීරණය වී නැති නමුත් එහි පාලනය ද දැනට රිපබ්ලිකන් පක්ෂයට නැඹුරු වී ඇති බවයි විදෙස් වාර්තා පවසන්නේ.
එය ද සාර්ථක වුවහොත්, ලබන ජනවාරි මාසයේදී ට්‍රම්ප් දිවුරුම් දෙන විට ඔහුගේ පක්ෂයට කොන්ග්රසය, සෙනෙට් සභාව සහ ධවල මන්දිරය යන ස්ථාන තුනෙහිම පාලනය හිමි වණු ඇති.
සමස්තයක් වශයෙන් මෙම ජනපතිවරණය රිපබ්ලිකානුවන් සඳහා පිරිසිදු ජයග්‍රහණයක් ලබා දීමට සමත්ව තිබෙනවා.