Connect with us

International

බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරිය ධුරයේ දිවුරුම් දීම අද.

Published

on

බ්‍රිතාන්‍යයේ අග්‍රාමාත්‍ය ධුරයට තේරී පත්වූ එලිසබෙත් ලීස් ට්‍රස් අද එම ධුරයේ දිවුරුම් දීමට නියමිතව තිබෙනවා.
අනතුරුව ඇය හෙට බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ දී අග්‍රාමාත්‍ය ධුරයේ වැඩ භාර ගැනීමට නියමිත බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. ජූලි මාසයේ දී අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වූ බ්‍රිතාන්‍යයේ හිටපු අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් අද නිල වශයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ස්කොට්ලන්තයේ බැල්මොරල් කාසල් මාලිගයේ දී බ්‍රිතාන්‍යයේ දෙවන එලිසබෙත් මහ රැජිණ වෙත භාරදීමට නියමිත යි. එම ලිපිය භාරදීමෙන් පසු එලිසබෙත් ලීස් ට්‍රස් අග්‍රාමාත්‍යවරිය ලෙස දිවුරුම් දීම එම ස්ථානයේදීම සිදු වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. දෙවන එලිසබෙත් මහරැජින සෞඛ්‍ය තත්ත්වය හේතුවෙන් ස්කොට්ලන්තයේ පිහිටි බැල්මොරල් කාසල් මාලිගයේ මේ වන විට රැඳී සිටිනවා.