Connect with us

International

බ්‍රිතාන්‍ය අගමැති ලීස් ට්‍රස් ඉල්ලා අස්වෙයි.

Published

on

බ්‍රිතාන්‍ය අගමැතිනි ලීස් ට්‍රස් ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබෙනවා. ඩවුනින් වීදියේ දී විශේෂ ප්‍රකාශයක් කරමිනුයි ඇය සිය ඉල්ලා අස්වීම පිළිබඳ දැනුම්දී ඇත්තේ. කෙසේ වෙතත් අගමැති ධුරයට අනුප්‍රාප්තිකයෙකු පත්වනතෙක් ධුරයේ කටයුතු කිරීමට පියවර ගන්නා බව ද ලීස් ට්‍රස් ප්‍රකාශ කර තිබෙනවා. මේ අතර ඇය කොන්සවේටිව් පක්ෂ නායකත්වයෙන්ද ඉවත් වීමටයි බ්‍රිතාන්‍ය අගමැතිවරිය තීරණය කර ඇත්තේ. සිය ප්‍රතිපත්ති විටින් විට වෙනස් කිරීම හේතුවෙන් ලීස් ට්‍රස් පක්ෂය තුළද දැඩි දෝෂ දර්ශනයට ලක්වූ අතර පසුපෙළ මන්ත්‍රීවරුන් ඇයගෙන් ඉල්ලා සිටියේ ධූරයෙන් ඉල්ලා අස්වන ලෙසයි. මතු වූ අර්බුදකාරි තත්වය හමුවේ බ්‍රිතාන්‍ය ස්වදේශ කටයුතු අමාත්‍යවරයාද ඊයේ ඉල්ලා අස්වුණා. හිටපු අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන්ගේ ඉවත් වීමෙන් පසු ලීස් ට්‍රස් ගමැති ධුරයට පත් කෙරුණා. ඒ දෙවන එලිසබෙත් මහ රැජිනගේ අභාවයට දින කිහිපයකට පෙරයි. මහ රැජින සිය අභාවයට පෙර සිදු කළ අවසන් රාජකාරී කටයුත්ත ලෙසට සැලකුණේද අගමැතිවරියගේ පත් කිරීමයි. ඒ අනුව නව අගමැතිවරිය සිය ධුරයේ කටයුතු කරනු ලැබුවේ දින 45ක පමණ කාලයක් පමණයි. මේ අතර කොන්සවේටිව් පක්ෂයේ නායකත්වය සඳහා ඉදිරි සතියේදී නිලවරණයක් පැවැත්වෙනු ඇති බව ද අගමැතිවරිය ප්‍රකාශ කළා. අලුතින් පත්වන කොන්සර්වේටිව් පක්ෂ නායකයා පසුව අග්‍රාමාත්‍යවරයා ලෙසින් පත් කෙරෙනු ඇත.